2015-03-22

මෙහෙමත් සත්තු


කාන්තාවක් දිනක් සවසක වෙදදුරෙක් වෙත                 එළඹිලා
තමන් පෙලනා අසනීපයට වෙන්න පිහිටක්                  ඉල්ලලා
අහා ඔබ මේ ඇවිත් ඇත්තේ වෙනත් තැනකට              වැරදිලා
පශු වෙදෙකි මම සතුන්ටයි මෙහි බෙහෙත් දෙන්නේ ලෙඩ බලා

වෙදා සිතුවේ ඇයට යම්කිසි පටලැවිල්ලක්         විලසිනේ
නමුත් ඇය දුන් පිළිතුරෙන් ඔහු පුදුමයට නොවැ  පත්වුනේ
කිසිම වරදක් නොමැත වීලා නියම තැනටයි      පැමිණුනේ
ඇත්තටම මට මෙමා සතෙකැයි කියා හැම විට දැනෙන්නේ


මන්ද ඔබහට එලෙස දැනුනේ කැමැත්තෙමි දැනගන්නට
පිහිටවන්නට නොහැකිමුත් එය පුදුම පුවතකි       මා හට
වෙදදුරා විමසූ හෙයින් හරි බැරි ගැසී            අසුනක් පිට
දිවියෙ තොරතුරු මෙසේ පවසයි ඇයද වී නොම   පසුබට

උදෑසන කුකුලෙකුගෙ විලසින් හිමිදිරියෙ මම ඇහැරෙමී
ඉන්පසුව යලි වඳුරු විලසින් නිවස තැන තැන    පැනයමී
මුහුණ සෝදා බතද පිසලා දරුවන්ද            ඇහැරවනෙමී
රෙදිද මැදලා උන්ට අන්දා හිසද                 පීරාලන්නෙමී

උන්ට කවලා කෑම බැඳලා වෑන් රියටද           නංවමින්
ඇහැරවා හිමි ඔහුගෙ මෙහෙවර සියල්ලද ඉටු කරලමින්
කෑම බැඳලා, කමිස මැදලා සුනඛයෙකු සේ    හතිලමින්
ඔහුද ගියපසු නැවත ඇරඹේ තෙවන අදියර මා    නමින්

බත්ද බැඳගෙන සාරි පටලා හිසද පීරා                 යන්තමින්
අශ්වයෙකු සේ බසය අල්ලා ගන්න දුවනෙමි       කඩිනමින්
සෙනග පොදිකන බසයෙ අතකින් එල්ලිලා හිඳ පැද්දෙමින්
වවුල් වන්නම නටන්නෙමි මම ජැකාලාගෙන්      බේරෙමින්

වැඩට ගොස් අට පැයක් තිස්සේ ගොනෙකු සේ බර  අදින්නේ
ලොක්ක බැන්නත් බූරුවෙකු සේ නිහඬවීලා          සිටින්නේ
සවස නැවතත් නිවස සොයලා වෙහෙස මැද්දෙන් ඇදෙන්නේ
සිංහයෙකු සේ පවුල වෙනුවෙන් දිවි සටනෙ මම යෙදෙන්නේ

උයා පිහලා, රෙදිද සෝදා කෑම ඇරලා                තබන්නයි
ඇඟද සෝදා ගෙයද අතුගා ජනෙල් දොරවල්        වහන්නයි
නොකන දරුවන් හඹාගොස් ගේ පුරා සැමතැන    දුවන්නයි
කුරුල්ලෙකු සේ පැන පැනා බත් කටක් ඇතුලට  ඔබන්නයි

මෙහැම අවසන තෙහෙට්ටුයි මට දෑස නොදැනිම පියවෙතේ
සැටියෙ ඇදිලා ඉන්න සැමියා ක්‍රිකට් පිටියක      තනිවෙතේ
යාන්තම් නිදි සුව එද්දි ඔහු ඇවිත් පසෙකින්      ඇලවෙතේ
ඇහැරියං බකමූණියේ යයි මගේ ඇඟපත           සොලවතේ


(රත්නපුර පොලීසියේ මහජන සම්බන්ධතා නිළධාරී කොලින් ආරියරත්න මහතා විසින් 2015 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් පවත්වන ලද දේශයනයක ඇතුලත් අතුරු කතාවක ව්‍යුත්පන්යකි)

෴ මධුමාධවී ෴

48 comments:

  1. මේ කථාවේ මූලාශ්‍රය උර්දු බසින් ලියැවුනු කාව්‍යක්. පුෂ්පා රම්ලනී මහත්මිය මෙය සිංහල බසට පරිවර්තනය කරලා තියෙනවා මං හිතන්නේ. ( මා දන්නා තරමින් / වැරදි නම් නිවැරදි කරන්න. ) මේ කථාව මං මුලින්ම ඇහුවෙත් පුෂ්පා රම්ලනී මහත්මියගෙන් ( ඇය සහභාගි වූ වැඩසටහනකදී )

    ඇත්තටම, ගෙදර බුදුන් ලෙස පිදුම් ලබපු අම්මා , දුක-සැප සමව බෙදාගන්න පොරොන්දු වෙලා නිවසට කැන්දන් එන බිරිඳ, ඉ‍ටු කරන කාර්යය ප්‍රමාණය අසීමිතයි. ඒ වෙහෙස අප්‍රමාණයි. නිර්මාණය ඇතුලෙ සඳහන් සත්වයන්ට නම් ඒ ඒ දෙවල් උන්ගේ ගති ලක්ෂණ , චර්යා රටාව. ඒත්, ඊටත් එහා ගිය වෙහෙසක් , දුක් - කරදර විඳින කාන්තාව වෙනුවෙන් එක දිනයක් නම් කරන එක නම් විහිළුවක් වගේ. ඒ වෙනුවට සමස්ත කාන්තාවගේ අගය නිසි අයුරින් වටහා ගෙන නිසි ගෞරවය , ඇගයීම ලබාදීම සහ " කාන්තාව යනු ගේ - දොර වැඩට උපන් එකියකි " යන දුර්මතය බිඳ සහයෝගයෙන් වැඩ කිරීමයි, සිදු විය යුත්තේ. එවිට ජීවිතය විඳින්න හැකිවේවි ඇයටත්, විඳවනවා වෙනුවට.

    හිතන්න යමක් තියෙන ලස්සන නිර්මාණයක් ...!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි සඳරු තොරතුරටත් අදහසටත් ඇගයීමටත්. මා සඳහන් කල දේශකයා මෙවැනි කතා රැසක් ගෙන හැර පානවා පොත් කීපයකින්ම. ඉතාම පැහැදිලිව මෙය පුෂ්පා රම්ලනී මහත්මියගේ පරිවර්තනයක් යන්න පිළිගතහැක. දේශකයා මේ අදහස සභාගත කලේ ගද්‍ය විලාශයෙන් නිසා පැදියට නගන්නට සිත්විය.

      Delete
    2. මුල් නිර්මාණය නිසඳැස් ශෛලීයෙන් රචිත එකක් ..
      ඔබ ඇසූ දෙයක් නිර්මාණය කල නිසා සහ ඔබේ ශෛලීය වෙනස් නිසා ඔබේ නිර්මාණයත් සාර්ථකයි සහ ලස්සනයි ...!

      Delete
    3. නැවතත් ස්තූතියි සඳරු. ලොකු ශක්තියක් මේ වචන.

      Delete
  2. බස්සිට කළ මේ අපහාසය හෙළා දකිමු...

    ReplyDelete
    Replies
    1. බස්සි? නෑ නෑ බකමූණි

      Delete
    2. බස්සි කියන්නෙ රෑ තිස්සෙ ඇහැරගෙන ඉන්න නිසා යකූ!!!
      :P

      Delete
    3. ඒකනෙ. මෙතන සැමියා බලාපොරොත්තු වෙන්නෙත් එහෙම එකක්.

      Delete
  3. ඇත්තටම ලස්සන නිර්මාණයක්. නිවස තුල කාන්තාවකට ඇති වැඩ ප්‍රමාණය කොතරම්ඩ යන්න සැමියෙකු වටහා නොගැනීම ගැටලුවකි.
    කැමරාවෙන් එහා ලෝකය

    ReplyDelete
    Replies
    1. අන්න එ්කනෙ කියන්නෙ. ආකල්පමය වෙනසක් අවශ්‍යයි.

      Delete
  4. එකනේ බන් ගැනු ගැන සානුකම්පිතව වටහාගෙන ඔය වැඩ කන්දරාව කරන්න ඕනා නිසාම එක ගෙදරකට ගැහැණු දෙතුන්දෙනෙක් ගෙන ඒමට නව නීති යහ පාලකයින්ට කියා වත් සාදා ගනිමු

    ReplyDelete
    Replies
    1. ඔය පැත්තෙ එහෙමලු නේද? දැක්කද, ඒකත් තමන්ගෙ වාසියටම...කපටියා!

      Delete
  5. ඉස්සර දවසක අපේ පැට්ටේරියට ආව සුලු පැමිණිලි වලට සම්බන්ධ පොලිස් නිලදරු තුමෙක් මේ කතාවම මේ විදිය්ට වචනයෙන් පැවසුවා. ඇය මෙයින් හති වැටෙන දිනයේ යුග දිවියේ බිඳවැටුම ඇරඹෙනවා.

    මාධවියේ අද අලුත් වෙනසක්. හරිම අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝෂ්! මම කියන පොලිස් නිළධාරියා මහජන සම්බන්ධතා නිළධාරි. ඔහුනම් සැබෑම සුන්දර මිනිසෙක්.

      Delete
  6. කාන්තා දිනයෙේ ලියන්න තිබුණ අගේ අැති නිර්මාණයක් මධාවි.......... කවියත් සුපිරියි......

    ReplyDelete
    Replies
    1. කොහෙද මේ අසභ්‍ය ඒවත් එක්ක පොරොත්තු ලේඛනයේ ඉන්න වුනානෙ.

      Delete
  7. ම්ම්ම්හ්....වෙනසක්...

    මේ අරව නැද්ද? (රහසින්)

    ReplyDelete
    Replies
    1. එයි එයි හැමදාම බත් කන්න බෑනෙ මහේෂ්.

      Delete
  8. විශිෂ්ටයි මේ කවිය ඹබ ලියු මාධවී
    දැනුනි හැඟුමන් කීරි ගසමින් හද දැවී
    ලොවේ කොතරම් ඇද්ද ගැහැණුන් මේ ලෙසින් තව තැවි තැවී
    ඔවුන් හැමටම උපහාර වේවා පුදමි මේ කුසුමන් කවී

    ජානකී සුරියආරච්චිගෙ දොයි අම්මා සින්දුව ගූගල් කරලා අහල බලන්න. ඒත් මේ වගේම කතන්දරයක්. වෙනස අපූරුයි මාධවී. (උඹට මාධවී කියපු පලවෙනි පාරද කොහෙද)

    ReplyDelete
    Replies
    1. මේ කවියනම්..... කියලා වැඩක් නෑ ඩිල්.
      සොයාගත්තා... රසවින්දා... ජානකීට පැනි මූණක් විතරයි තියෙන්නෙ කියලා වරක් කියලා තිබුණා අපේ මහා විචාරකයෙක්. ඒ කමෙන්ටුවෙ තිබ්බ ඊර්ෂ්‍යාව මේ ලින්ක් එකෙන්වත් දුරුවේවා!
      https://www.youtube.com/watch?v=Ofvk0FeuTlk

      Delete
  9. විශිෂ්ඨයි මාධවී....හැබැයි ඔය තත්වය ඔහොමම අද පවතිනවද කියන එක නම් මට ප්‍රශ්නයක්. මොකද මම දන්න මගෙ හිතමිතුරන් බහුතරයක්ගෙ නිවෙස්වල ඔහොම නෑ. දෙන්න දෙමාල්ලො සහයෝගෙන් වැඩ කටයුතු බෙදාගෙන කරනව. ඒත් එහෙම කියල පොදුවෙ නිගමනයකට එන්නත් බෑ නම් තමයි...හෙහ්,හෙහ්,

    ආයෙත් කියන්න ඕන ඔබේ හැකියාව අති විශිෂ්ඨයි...:)

    ReplyDelete
    Replies
    1. නෑ රවී අයියා, ඔය කියන්නේ සුලුතරය. බහුතරය තාම එහෙම නෑ. ඔව්, පොදු නිගමනයකට එන්න කොහෙත්ම බෑ.
      ස්තුතියි ඇගයීමට.

      Delete
  10. ගොඩක් ලස්සනයි මාධවී .. අපේ රටේ බොහොමයක් සැමියන් හිතං ඉන්නේ කුස්සියේ වැඩ ගේ දොර වැඩ ඔක්කොම බිරිඳට අයිති ඒවා කියලා ඒත් මේ රටේ පිරිමි අයගේ ඔළුවේ එහෙම දෙයක් නැ,, ගොඩක් වෙලාවට කුස්සියේ ගොඩක් වැඩ පිරිමි කෙනා කරනවා. ඊයේ මගේ යාලුවෙක්ගෙ ගෙදර ගියා, යද්දී වයිෆ් කිචන් එක අස් කරනවා හස්බන්ඩ් හෝදපු රෙදි නවනවා බබාවත් ලග තියාගෙන . ගෙදර බුදුන් අම්මා කියලා කියන එකම රට අපේ රට වෙන්න ඕනේ ඒ වගේම බුදුන් ලවුවා සේරම බර වැඩ කරෝග්න්නේත් අපේ රටේ වෙන්නොනේ

    ReplyDelete
    Replies
    1. //ඒ වගේම බුදුන් ලවුවා සේරම බර වැඩ කරෝග්න්නේත් අපේ රටේ වෙන්නොනේ//
      දවසේ කතාව ඔමා. මේක විශිෂ්ඨ කියමනක්.

      Delete
  11. වෙනද වාගේ ඉටා ගත්තෙමි සිනාසෙන්නට මෙය බලා
    දෑස නොතෙමා ළයම තෙත් කර කඳුලු ගංගා ගියෙ ගලා

    ReplyDelete
    Replies
    1. අඬන්නෙපා, දෑස හීලෑ කරගත්තා සේ ළයද හීලෑ කරගන්න. සත්‍යය කටුකයි.

      Delete
  12. හිස නමනවා උඹට.....බොහොමත් ස්තූතියි....
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. ඔබටත් හිස නමනවා කටුස්සා, මේ ඇගයීමට.

      Delete
  13. අද කවියේ වෙනසක්.. ඇත්තටම බං බලාගෙන යද්දී ඔච්චර වැඩ ටිකක් කරනවා කියන්නේ ලේසි පහසු දෙයක්ද..

    ReplyDelete
    Replies
    1. වෙනස තමා ලෝකය පවත්වාගෙන යන්නෙ.
      එසේයැ, එයද කෙටි කාල රාමුවක් තුල?

      Delete
  14. පුරුදු ආරෙන් වෙනස්ම හිතට වදින කතන්දරයක්... සිරා... ජයවේවා මධු...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සජ්ජා, වෙනසකටනෙ මේ සේරම.

      Delete
  15. කොච්චර කෑ ගැහුවත් කාන්තා නිදහස කියලා අන්තිමට ගෙදර ආවම ආපහු මේ ටිකම තමා වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ලස්සනම වැඩේ විචාරක තුමා කාන්තා දිනේ දේශන පවත්වන මහත්තුරු උදේට ඇඳ පල්ලේ සරම ගස් නගින වලල්ලක් වගේ අඹරලා දාලා දුවන කට්ටිය ඒකත් නෝනටම අහුලන්න තියලා. හැබැයි මම සඳහන් කල දේශක මහතා එවැන්නෙක් නොවන බව දනිමි.

      Delete
  16. මේ අර කිව්ව එකද ? හරිම අපූරුයි.....

    ඇත්තටම කාන්තාවකගෙන් පවුලට සමාජයට කොයි තරම් නම් කාර්යභාරයක් සිද්දවෙනවද .. මේ පද පේලි ටික ඒකට හොඳ සාක්ෂියක්.

    ReplyDelete
    Replies
    1. ඔව් තුශ්... ඒක තමයි. මේකෙ ගෞරවයෙන් යම් කොටසක් ඔයාටත් අයිතියි. මේ කවිය අකුරුකරන්න හිතා හිටියත් ඒක ඉක්මන් කෙරෙව්වෙ ඔයා නිසා.

      Delete
  17. මදාවිය අද මාධවී වෙලා. අපිටනම් ඕව අදාල නෑ. අපි මැච් බලන්නෙ ඔඩොක්කෙ ඉන්දවන් .

    ReplyDelete
    Replies
    1. මාව උකුලට ගත්ත සැමියා ක්‍රිකට් පිටියක තනිවෙතේ

      Delete
  18. අපුරු කයි ටික...

    මමනම් කාන්තා අයිතිය මදක් හෝ අපේ ගේ ඇතුළෙදි රැකලා දීල තියෙනවා කියල හිතෙනවා.
    මම රස්සාවට යද්දී නැගිටලා තේ හදන්න අවශ්‍ය නැහැ මම උදේට බොන්නේ වතුර පමණක් නිසා
    උදෙන් නැගිටලා බත් උයන්න ඕනේ නැහැ, මම කන්නේ වැඩ කරන ආයතනයෙන් ලැබෙන කෑම නිසා.
    එයයිට තියෙන්නේ ඇහැරෙන වෙලාවක නැගිටලා තමන්ට කන්න බත් ටිකකුත්, පොඩි එකාට පොඩි කෑම ටිකකුත් හදා ගන්න එක විතරයි
    මගේ රෙදි සෝදන එකත් ලොකු අවුලක් නැහැ මැසිමක් තියෙන නිසා
    මගේ ඇඳුම් මම ම මැද ගන්නවා.
    රෑට කන කෑම ටික තමයි උන්දෑ මටත් එක්ක හදන්නේ...

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ වගේ ආදර්ශමත් අල්පේච්ඡ ජීවිතයක් ගෙවන සුවාමි පුරුසයෙක් බැඳගන්න හැම ගැහැණියක්ම හරිම වාසනාවන්තයි. අනේ වාසනාවන්!

      Delete
  19. බොහෝම අපූරුයි මාධවී නගේ.. (උඹේ අර නොසණ්ඩාල මිනිහට කියපන් අතරින් පතර උඹටත් මේ වගේ චෑන්ස් එකක් දෙන්න කියලා.)

    අපේ උන්දැත් දවසෙම කරන්නේ සුළුපටු යුද්දයක් නෙවෙයි.. මං නැති හන්දා සහ රස්සාවකට නොයවන හින්දා ඔය වන්නම් දෙක තුනක් අඩු උනාට සුමේ නම් අඩුවක් නෑ උදේ ඉඳන් රෑ වෙනකම්.. හැබැයි ඒකටත් එක්ක මං ඉන්න දවසට හුරතල් වෙනවා.. හැක් හැක්.. (එළියට බහිනකොට කුඩේ හෑන්ඩ් බෑග් එක ෆෝන් එක ගන්න එහෙමත් මමම මතක් කරන්න ඕනි..)

    මොනව උනත් අපේ උන්දැට මං සළකනවා ගෞරව කරනවා මට පුළුවන් උපරිමෙම්ම.. මොකද කෝටියක් දුන්නත් ඒ 'ජොබ්' එක මටනම් කරන්න බැරි නිසා.. මේ කාලෙකට කලින් මං පවුල ගැන ලියපු සින්දුව.. මේක ලියුවේ අටමගේ මගේ දරු පටවුන්ට හා මටද අම්මාවන් කියන පෝස්ට් එකට රිප්ලයි එකක් විදියට.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. (අද අහුවුනා හොරේ. මං ඒත් මේ බැලුවෙ අපේ උන්දෑ ටිකක් අමුතු මොකද කියලා මේ දවස්වල...)
      උඹලා වගේ සුන්දර අදහස් තියෙන මිනිස්සු ගෑනිට නොසලකා ඉන්න විදිහක් නෑ කළණ. ඒ නිර්මාණය ඇත්තටම සින්දුවකට හොඳම පද මාලාවක්. ඒ දවස්වල අපි නෑ මේ අහ. නැත්නම් අහුවෙනවා. ජය!

      Delete
  20. සුපිරි කවි ටික මධූ!

    ReplyDelete
  21. බුදු අප්පොච්චේ , අද මිසිස් මදාවිගෙ පොස්ට් එකක්නෙ. මන් බැලුව මොකද මේ සභ්‍ය කවි පන්තියක් දාල තියෙන්නේ කියල..
    නොපෙනෙන ඇත්ත කවි පෙලකින්. ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. රූපෙට වගේ බලාපොරොත්තු කඩවුනාද?
      ස්තුතියි බං...

      Delete
  22. බලාපොරොත්තු කඩ විය.... දැකීමට කැමති ඒවා අද නැත...

    ReplyDelete
  23. @රූපෙ,
    පැතුම් බොඳවිය
    සිහින දියවිය

    ReplyDelete