2015-03-27

බාප්පා



මිනිසෙක් තම පුතු සමගින් - දවසක්දා ගමනක් ගොස්
ආපසු නිවසට එනවිට - හරි කරදරයක්

බිරිඳ සිටී ඇඳේ වැටී - ඇඳුම් හෙමත් එහෙ මෙහෙ වී
කෙඳිරි ගානවා පපුවත් - අතගාන ගමන්


ඇයි ඩාලිං මොකද වුනේ - අසනීපෙක ලකුණු පෙනේ
සැමියා විමසී බියවී - බිරිඳ අමතලා

මට පපුවේ මහන්සියක් - කතාකරන්නත් බෑනේ
ඔයා හනික වතුර ටිකක් - උණු කරන්නකෝ

ඔහු යනවා කුස්සිය වෙත - පුතා එවිට කෑ ගසලා
ඔහු කැඳවා පවසන්නේ - සොයාගැනීමක්

මේ බලන්නකෝ තාත්තෙ - බාප්ප මේ අල්මාරියෙ
ඇඳුම් නැතිව රිංගාගෙන - බයත් හිතෙනවා

කෝපෙන් වියරුව සැමියා - බෙල්ලෙන් අල්ලා මලයා
එලියට ගෙන අඩි හප්පා - මෙහෙම කියනවා

නොදකින් තොපිලා වාගේ - සහෝදරයො ඉඳල මොටද
මගේ ගෑනි පණ අදිනව - අතන ඇඳ උඩ

උඹ ඉඳගෙන හෙලුවැල්ලෙන් - අල්මාරියෙ රිංගාගෙන
පොඩි එවුන්ව බය කර කර - පිස්සු නටනවා


80 comments:

  1. ඉස්සර SLBC රේඩියෝවේ (commercial service) ගියා ගීත කතන්දර කියලා වැඩ සටහනක්.

    මේක තමයි ඒ ගී වල තාලය!

    කාටද මතක?

    ReplyDelete
    Replies
    1. අපොයි හොඳට මතකයි. ගැමුණු විජේසූරිය කරපු 'මේ ඇහුනද' කියන වැඩසටහන මතකද? ඔක්කොම චරිත එයයි කළේ.

      ගීත කතන්දර ඒ කාලේ ඉතාම ජනප්‍රිය වැඩසටහනක්.

      Delete
    2. ඇයි මේක,‍
      හතර රියන් සහ දෙරියන්-එකම ගමේ යාළුවන්ය
      මේ දෙන්නා කලෙක පටන්-බොහොම එකමුතුයි

      Delete
    3. මටත් හතර රියන්ව මතක් උනා.

      Delete
    4. රසික,
      මේ තාලෙට නමන්න ලේසියි. වෙනස් තාලවලටත් ඉඳ හිට බලනවා. කම්මැලි කමට තාලෙ මේක.
      ඔව්වොව් මතකයි මතකයි

      Delete
    5. විචාරක,
      ඕකෙ දෙබසුත් තියෙනවා ගෑණු කටහඬින් ගැමුණු කියවන.

      Delete
    6. රාජ්,
      එළදෙන හදපු කේස් එක නේද?

      Delete
    7. මනෝෂ්,
      ෆොටෝවල හැටියට උඹත් හතර රියන් වගේ ඇති නේද? (අඩේ, කෝ බං ප්‍රියා?)

      Delete
    8. හෑහ්. කොහෙද බොල මගෙ පොටෝ තියෙන්නේ ??

      ප්‍රියාට බ්ලොග් ලිවිල්ල එපාම වෙලා. දැන් අපි ලියන ඒව හොරෙන් කියව කියව ඉන්නවලු. කොච්චර දැඟලුවද මං ඌව ආයෙත් අපේ වලට ගන්න. කොහෙද, බෑමයි කියන්නෙ මූ.

      Delete
    9. උඹේ පරණ එව්වයෙ ප්‍රොෆයිල් පික්ස් වල දැක්ක පඟර නැට්ටා වගේ උසට කෙට්ටුවට... හැක්... හැක්..
      (පව් බං... හොඳ එකා)

      Delete
    10. අපි දන්නෙත් හතර රියන් සහ දෙරියන් තාලේ තමයි . ඔය වැඩසටහන් කාලේ අපේ අම්මලා යාලුවෙන්නවත් හිතල නැතුව ඇති :p

      Delete
    11. ඒ කියන්නෙ මැච් එක පටංගන්නත් කලිං ඉස්කෝර් බෝඩ් එක වැඩ.

      Delete
    12. ඒ කියන්නෙ මැච් එක පටංගන්නත් කලිං ඉස්කෝර් බෝඩ් එක වැඩ.

      Delete
    13. අහන්නත් බැරිවුනා මනෝෂයා, මොනවැයි අලුත් තැන අත්දැකීම්?

      Delete
    14. හප්පා.. එමටයි. ඉඳින්කො කවියෙන් දාන්නම් හීන් සීරුවේ.

      Delete
  2. අර ගෑනි මැරෙන්න ඇති කියලා බයටයි මිනිහා හැංගෙන්න ඇත්තේ. එහෙම නැත්නම් ඒකා පස්සේ පොලීසියවත් පන්නන්න ඇති. එච්චර දෙයක්වත් තේරෙන්නේ නැද්ද? අර ගෑනිට තිබුනනේ කියන්න අනේ මල්ලියේ හෙළුවෙන් හිටියට කමක් නෑ මගේ පපුව ටිකක් අත ගාපන් කියලා.

    ReplyDelete
    Replies
    1. විචාරක,
      අනේ මල්ලියේ ආයිත් ටිකක්...

      Delete
    2. වැවා, මෙන්ඩා,
      අන්තිම කැමැත්ත යකුනේ.

      Delete
    3. වැවා,
      ඕං මං එහෙම නෑ. උඹ තනියෙං වෙඩි කාපං.

      Delete
    4. යක්කුන්ට බයනං සොහොනෙ ගෙවල් හදයිද

      Delete
    5. අර! ඒපාර යකාලු. විචාරක භවනට සොහොනලු!

      Delete
  3. මරු බං... නියමයි . හිනා වෙලා ලේ පිරිසිදු වෙනවා.. ජයවේවා...

    ReplyDelete
    Replies
    1. නිදුක් වේවා! නිරෝගී වේවා! සුවපත් වේවා!

      Delete
  4. ගෑණු මායම් ....සහ මෝඩ .........ආතල්

    වෙනද වගේම අදත් එල

    ReplyDelete
    Replies
    1. මෝඩ ආතල් එක මක්කැයි වැවේ මහත්තයා?

      Delete
    2. මං හිතුවෙ ඌ පට්ටම බූරුවෙක් කියලාය...එහෙම නෙව

      Delete
    3. මටනං හිතුනෙ සහෝදරකමුත් ආරස්සා කොරගෙනම ජාමෙ බේරගෙන කියලා.

      Delete
  5. හිහික්... කතාව අහල තිබ්බට කවියකින් කියෝනකොටත් අමුතු කිික් එකක් තියේ කියල හිතෙන්නෙ හිහි
    පට්ට මදාවියො...
    උඹට නං අපි තිබ්බෙ නියම නම කියල දැං නං හිතෙනව
    ඔන්න ඔය මධුමාදවී කියන එක අයින් කරල මධු මදාවි කියල ඕක වෙනස් කරහං

    ReplyDelete
    Replies
    1. කවියෙන් කියෝන කොට මචං, නිකං නැමිල එනවනෙ ලස්සනට.
      මධු කෑල්ලත් එක්ක මදාවි කෑල්ල නිකං කේකුයි ලුණු මිරිසුයි වගේ නේද? අමු මදාවි වගේ එකක්නං ඔන්න තව...

      Delete
  6. පිස්සුම පොරවල්.. පොඩි උන් බය කරන්න ඔය වගේ වැඩ කරන එක හරි නෑ නේ...

    ReplyDelete
    Replies
    1. බාල අපරාධ!
      ඒ පැත්තෙ ගිහිං සුබ පැතුවා. බලලා නෑ වගේ. ඕං ආයි සුබ පැතුවා සම්මානය ලැබුණට. හරිය? කවදහරි පාටියකුත් ඕනි. හරිය?

      Delete
  7. සමහර විට හෙලුවෙන් ඇවිත් පපුව අතගාන එක හරි නැති නිසා ඇදුමක් හොයන්න අල්මාරියට රිංගුවද දන්නේ නෑනේ..
    වැරදි එහම ඒ මනුස්සයාට බනින එක.
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. කලබලේට ටොයිලට් එක කියලා හිතලා අල්මාරියට රිංගලා.

      Delete
  8. පොඩි එකාට කලින් නෑනා බය උනාද දන් නෑ පපුවෙ අමාරුව හැදුනෙ................

    ReplyDelete
    Replies
    1. නෑනට පල්ස් වැඩිවෙලා!

      Delete
  9. වැඩේ හරි නෑ තමයි.. මොනව උනත් නෑනගෙ අමාරුව සනීප කරන්න තිබ්බා! පපුවෙ අමාරුව මං කිව්වෙ..

    ReplyDelete
    Replies
    1. ඒක කරන්න හදද්දිනෙ මේ කාලකන්නියයි කොල්ලයි ආවෙ.

      Delete
  10. මනුස්සයට කේන්ති යන එක සාධාරණයි.ඔහොම සහෝදරයො මොකටද,නැද්ද මං අහන්නෙ?

    ReplyDelete
    Replies
    1. හැලපෙටත් මල්ලි කෙනෙක් හිටියැයි ඒ වගේ

      Delete
    2. හැලපෙ අයියා,
      නෑකං, සහෝදරකං අර කොතනිං එහාටද මන්ද නෑ කියනවනෙ.

      Delete
  11. උඹනම් පට්ට මදාවියෙක්...
    උඹට ඕනෙම කතාවක් මේ වගේ කවි කොරන්න තියෙන හැකියාව හරි අපුරුයි...

    පුළුවන්නම් මෙන්න මේ වගේ වැඩක් කරපන්.
    කලින් පෝස්ට් එකට කලින් එකේ හිටපු ගොයියා මතකද. ආ... හරි, එහෙනම් රැන්ඩි මතකද.
    උඹට මම එදා කමෙන්ට් එකක් දැම්මේ, මේ කතාවේ ඉන්නේ ඒ ගොයියමද කියල අහල...
    අර කුඹිගේ කතා සෙට් එක වගේ එකකට එකක් චරිත සම්බන්ධ වෙන විදිහට මේවා කීපයක් ලියපන්...
    හරි අපුරු වේවි... හෙහ්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචෝ!
      හොඳ අයිඩියා එකක් උඹ දුන්නෙ. ට්‍රයි කරලා බලමු.

      Delete
  12. අර දුවගෙන කුස්සියට ගිහින් කුල්ල අරං ආව වගේ වැඩක් තමයි.

    පට්ටයි මධාවියෝ..

    ReplyDelete
    Replies
    1. ඒ මක්කැයි ඒ කතාව? ආඩම්බර නැතිව දාකො.

      Delete
    2. හප්පා.. අසභ්‍යයි..

      Delete
    3. විදහං... (මං සභ්‍ය කරලා ගන්නං)

      Delete
    4. ගෙවල් ගානේ කුලු හදාන ගියාට නෑ ගන්නේ.... වැඩක් නෑ මනෝෂ් චාමර ලොක්කා ඵ්කෙන් සින්දුවක් හදල....

      Delete
    5. හි හි අනේ අනේ ඒකවත් දන්නේ නෑ මෙයා

      Delete
    6. මාධව, කියන මගුලක් අවස්ථා සම්බන්ධය එක්ක කියහංකො රත්තරනේ.

      Delete
    7. ඔමා, මං කියන්නෙත් ඒකනේ බං. මුං තුරුම්පු හංගගෙන වල්කොල ගහනවා ඕසෙට.

      Delete
  13. පවු වැඩේ , නෑනට කොච්චර අමාරුවක් තියෙන්ඩ ඇද්ද ?

    ReplyDelete
    Replies
    1. කොහෙද, ඒක සනීප කරගන්න දුන්නයැ මේ වාහෙ.

      Delete
  14. මලයලාගෙන් ප්‍රවෙසම් වෙමු... ජය!!

    ReplyDelete
    Replies
    1. මලයලාගෙන් උන්ගේ නෑනලා ප්‍රවේසම් කරගමු.

      Delete
  15. කිසිම සහෝදර ප්‍රේමයක් නැති මල්ලි කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. “සහෝදර“ කෑල්ල අයින් කලත් අනික් ටිකටත් ඒ වගේ.

      Delete
  16. අයියා වෙනුවෙන් යුතුකම් ඉටුකරනවා කියලා හැම පැත්තෙන්ම කරන්නත් බෑනේ :D

    ReplyDelete
    Replies
    1. හැම පැත්තෙන්ම කරන්න පුලුවන්වෙයි මයෙ හිතේ, ඇඳුනුත් නෑ කියනවනෙ මලයගෙ.
      (ඔමා මේ පාර තිඹිරිගේ ඔත්තුව මල් මසුරං ඈ... ආයි කියලා වැඩක් නෑ)

      Delete
    2. එකෙම්ම බන්,, ඔයත් කරන්න, අද මගේ පස් වෙනි දවස දැන් මේ අන්තිම කෑම එක කාලා රුම් එකට ආවේ. අද වෙද්දී මේ දවස් පහට මගේ බර කිලෝ පහක් අඩුවෙලා මට හිතාගන්නවත් බෑ... ඉන අගල් 2 ක් අඩුවෙලා,, ඒ වගේම ඒ ප්ලෑන් එකේ මං දකින වැදගත්ම දේ අපි ගොඩක් කැපවෙන්න ඕනේ,, ඊට පස්සේ ඉබේටම කරන්න පුළුවන්,,, අනික දවස් 7 න් පස්සේ අපි පරණ නරක විදියටම කා ගෙන ගියොත් දවස් දෙකෙන් ආයේ මහත් වෙයි,, පලතුරු එළවලු නිතරම කන්නත් ,, වතුර බොන්නත් සීනි අඩුකරන්නත් (කපලම දැම්මා ) මං ඉගෙන ගත්තා ... ඔයත් කරන්න,, නියමයි

      Delete
    3. ඕක කරලා පොටෝවකුත් දාමු අර පල්ලිය ඉස්සරහම. මම කියන්නෙ... මිම්ම අරං සසඳන්න ඇහැකිනෙ එතකොට. (අවවාදය තදින් සිතට ගතිමි. විහිලුවට නොගතිමි)

      Delete
    4. යුතුකම් ඉටුකොරලා තමා රිංගලා තියෙන්නෙ..එහෙමෙයි

      Delete
    5. බාගෙට ඉටුකොරද්දි වෙන්නත් ඇහැකි.

      Delete
  17. නුවණක්කාර සැමියෙක්..

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත. මරන්නයැ? සහෝදරයනෙ.

      Delete
  18. හරිම ජරා මිනිස්සුනේ? බලන්ඩ අර වගේ කරදරයක් වෙලා තියෙද්දි කරන දේවල්...
    අන්තිමයි අන්තිමයි....

    ReplyDelete
    Replies
    1. පිට මිනිස්සුනං මක්කැයි රූපෙ, තමන්ගෙම උන්?

      Delete
  19. මරු බොලේ..නියමයි...මල් හතයි...කතාව කලින් දන්නව උනාට උඹගෙ කවි කිරිල්ල උත්කෘෂ්ඨයි, අනභිභවනීයයි, භෘංගාමලකයි, සන්නාහ සන්නද්ධයි...

    මේ ඔය වගෙ අර තව කතාවක් තියෙන්නෙ..දන්නවය? " අද මොකද බාලා? ..."අන්න ඒ කතාවත් කවි කරල ලියහංකො..අනේබොලේ..ලියහං හොඳේ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රවි අයියා, එ්ක දන්න අය වැඩියි ෙන්ද?

      Delete
  20. කතන්දරත් කවි කොරන්න- උබ දස්සයි අපි දන්නව
    උබ හොයාන අපි එන්නේ- හිනා වෙන්නනේ

    ReplyDelete
    Replies
    1. මේක දැක්කෙ පහුවෙලා බං. සොරි ඈ...
      ස්තූතියි ඇගයීමට.

      Delete
  21. සුපිරි ඕයි...

    ReplyDelete
  22. කවි මඩුනම් ඕනෑ තරම්-නෑනේ ඒත් හිනා යන්නේ
    කවි තියෙන්නෙ උඹ ගාවනේ -ලල්ල ලලල ලා..

    ReplyDelete
    Replies
    1. උඹල ඇවිත් බලනවනං - ලියතහැකිනෙ ඕනි තරං
      හැමදාමත් වරෙල්ල බං - ලල්ල ලල්ල ලා...

      Delete