2015-04-06

ගොනා-02



සංචාරකයෙක් දවසක් - ස්පාඤඤයට ගියාලු
ගොන්පොර පිටියකටත් ගොස් - පොර නැරඹීලූ...

දවස පුරා පොර බලලා - හැන්දෑවේ අවන්හලක
කොනක් සොයා රෑ කෑමට - වාඩි වුණාලූ....


අද විශේෂ කියා තිබුණි - බෝඩ් එකක් එල්ලාලා
කියවන්නට බැරි නමකිය - කෑමට තිබුණේ

වේටර් තැන කැඳවාලා - බෝඩ් එකද පෙන්නාලා
ඒකෙ තියෙන දේ ගේන්න - ඇණවුම් කෙරුවේ

පැය බාගයකට පස්සේ - ලොකුම පිඟානක දාගෙන
දුම් දමනා සුවඳ හමන - දෙයක් ගෙනාවා

වටකුරුවට ඇපල් වගේ - දෙකක් තිබුණි පිඟාන මත
කෑලි කපා එයින් ටිකක් - කාලා බැලුවා

කටේ තියපු ගමන් දැනුනි - ජීවිතේට නොදැනුනු රස
තලුමරමින් මුලු පිඟාන - කාලා දැම්මා

අවසානයෙ වේටර්ගෙන් - ඇසීය මේ මොනවාදැයි
වේටර් තැන කෑමෙ රහස - මෙසේ පැවසුවා

අද දවසේ පොරපිටියේ - මැරුණු ගොන්නු ඉන්නවානෙ
උන්ගෙ අණ්ඩ කෝෂ තමයි - මෙසේ හදන්නේ

හෙටත් යලිත් එමි කියලා - සංචාරක පිටත් වුණා
කීව ලෙසින් පසුවදාද - යලිත් පැමිණුනා

පුරුදු ලෙසින් අද විශේෂ - ඇණවුම් කෙරුවා විගසින
වඩාත් රස කෑමක් අද - කන්නෙමි කියලා

පැය කාලකි ගතවූයේ - වේටර් තැන පැමිණෙන්නේ
පුංචි දීසියක දාගෙන - පොඩි බෝල දෙකක්

බඩගින්නත් තද හින්දා - කටට දෙකට කා දැම්මා
කලින් දවසෙ දැනුන රසත් - රසක්ද සිතුනා

මේක හරිම පුදුම රසක් - ඒ වුණාට මොකදෑ මේ
අද පංගුව ගොඩක් පුංචි - කියලා ඇසුවා


සර් මෙහේට ඊයෙ ආවේ - ඒක නිසා දන්නෙ නෑනෙ
ගොනා දිනන වෙලාවලුත් - තියෙනව කිව්වා

57 comments:

  1. පරාජිතයා කෑමත් පට්ට තමා....
    සුපිරි ආ.....

    ReplyDelete
    Replies
    1. පරාජිතයාගේ රසවත්ම කොටස.

      Delete
  2. Replies
    1. ඊළඟ දොහේ අටංගෙ ඇටේ

      Delete
    2. ගොනා හෝ මිනිසා.

      Delete
  3. තොට දාන්න හැමදාම එකම කමෙන්ට් එකක් ටයිප් කරගෙනම ඉන්න වෙනවා...
    පට්ට කයි ටික කියලා...

    ReplyDelete
    Replies
    1. කට්ට ... ටික කියලා හෙම ගහනවා නෙමෙයි වැරදිලා.

      Delete
  4. වල් කවි වලට අදහස් ගන්න හිතං
    මදාවියා ඉද්දි, පිටරටකට ගිහින්
    වෙච්චි ඇබැදිදිය රසකර හිටං
    කියනවා වෙන එකෙක් පටලං

    ඔන්න ඔහේ, අපි පිළිගන්නම්කො .. මේක උනේ වෙන එකෙක්ට කියලා ☺☺☺

    ReplyDelete
    Replies
    1. මේකෙ තිබුණු එව්වයෙ හැටියට මං නෑ බං මෙලහට ඕවා වුනානං.

      Delete
    2. ඒ වගත් මෙසේ ලියා තබමි.

      එළ , මරු , පට්ට හරි බෝරිං හන්දා
      වෙනසකට කවියක් පද බැන්ඳා

      Delete
  5. කැනිබල්ස් නෝ මෙයා....

    ReplyDelete
    Replies
    1. ඔයා ඇනිබල් නෝනගෙ කවුරුහරිද මෙයා?
      (ඒයි... පොල්කිරි බිව්වද?)

      Delete
  6. ඒක සාධාරණයි
    ඒක නෙමේ ගොන් ඇට වලට වඩා ෆරි ඇට රහද බන්

    ReplyDelete
    Replies
    1. ඇයි බං කිව්වෙ. කලින් රසත් රසක්ද කියලා.

      Delete
  7. ගොනා දිනපු දවසක මටත් පණිවුඩයක් ගෙන්න ගන්න බැරි වෙයිද දන්නෑ.. හැක්.. මැක්සා..

    ReplyDelete
    Replies
    1. ඒකට නොකඩවා සතියක් විතර පොර බලන්න වෙනවා පූතෝ..

      Delete
  8. ගොනා දින්නම ගොඩේ ගොඩ. ඇට කාල අරූ. අනේ දෙයියනේ.

    කෙටිකතා සීයක් කියවනවට වඩා උඹේ මේ එක කවියක් පට්ට රහයි මාධවියේ.

    ReplyDelete
    Replies
    1. //""උඹේ මේ එක පට්ට රහයි මාධවියේ""// ඒ කියන්නේ මධුවා පැරදුනු වෙලාවේ උඹ ඒ හොටෙල් එකට ගියා :P

      Delete
    2. මනෝෂ්, ගොනා නිතරම දිනන්නෑ. ඒ නිසා පොඩි පෝෂන් එක නිතර ලැබෙන්නෑ.

      Delete
    3. වල් ඉවානයා, උඹ ආස ඇති මං ගොං පොරවලට යනවනං. හිටුකො උඹ මුණගැහෙන්න එන්නං හොඳ ගොනෙක් හොයාගෙන.

      Delete
    4. මේක අදිරාජ්ජවාදී කුමන්තනයක්. ඉවානයා උපුටාගත්ත එකේ මං දාල තිබුන "කවියක්" කියන වචනෙ නෑ.

      Delete
    5. ඕකා ඔහොමමයි. මේක ෆොන්සේකගෙ සුදු කොඩි කතාවට වෙච්චි එකේ අනිකනෙ යකෝ.

      Delete
  9. හහ....ශ්‍රී රාවණ රජතුමාගේ කාලෙත් මේ ගොන් පොර බොහොම උත්සවාකාරයෙන් වෙලා තියෙන බව කස්ටිය දන්නවද....ඔය ගොන්ගල,ගොන්මඩුව වගේ ප්‍රදේශ වල තමා මේක නැගලම ගිහින් තියෙන්නේ.....ඔය ගොන් අණ්ඩ කෝෂත් ඵ් කාලෙ ඉදන්ම බොහොම ප්‍රචලිත කෑමක් වෙලා තියෙනව...ඔය අන්කෝ(ර්)වට් කියන්නේ,(අණ්ඩ +කෝෂ+රාවණ සදහා ගෙන්වූ ප්‍රදේශය) රාවණ රජතුමාගේ කාලෙ ලංකාවට කෑම සදහා අණ්ඩ කෝෂ ගෙන්වපු ප්‍රදේශයක්නෙ....

    ReplyDelete
    Replies
    1. මෙහෙම පුරාවෘත්ත හදන පොරක් හිටියා. නම මතක් වෙන්නෑනෙ. මාධව කෑල්ලක් තිබුණද මන්දා :-)

      Delete
  10. ගෑණු අයත් ගොන් පොර වලට යනවා නේද කොල්ලෝ?

    ReplyDelete
    Replies
    1. විහිලුවක්ම කරන්න ගියත් ටිං ගාලා මතකයක් අවදිවුනා විචාරක තුමා. ක්‍රිස්ටිනා සැන්චෙස් තමා මේ අංශයෙ රැජින. ඉංග්‍රීසි ලිපි අඩුයි. ඉස්පාඤඤ එව්වා තමා වැඩි. විකියාත් වැඩි යමක් කියන්නෑ. ඒත්... මේක බලන්න.
      http://www.woa.tv/articles/at_sanchezc.html

      Delete
    2. සැටලයිට් නාලිකාවල ඉතා කලාතුරකින් පෙන්වනවා. මම හිතන්නේ දැන් කාන්තාවන් මේ ක්‍රීඩාවට යන්නේ නැති තරම්.

      Delete
  11. ඔෆිස් එකේ මම තනියෙන් හිනාවෙද්දි අනික් උන් මූට පිස්සුද කියල බලනවා.

    ReplyDelete
    Replies
    1. එහෙම කියනකොට මටත් ආයි කවිය කියවලා හිනායනවා. මොන අදහසකින් හැදුවත් මේ කතාවල පුදුම රසවත් බවක් තියෙන්නෙ.

      Delete
  12. ඉයෑක්කා! හෆූ... ලන්ච් ගන්න ගමන් කියෙව්වෙ. :D

    ReplyDelete
    Replies
    1. ඇයි යකූ... මීට් බෝල්ස්ද ලන්ච් එකට තිබ්බෙ?

      Delete
  13. ඒ කියන්නේ මධුවා දිනන වෙලාවලුත් තියෙනවා ..:P

    ReplyDelete
    Replies
    1. අන්න එදාට ඉවානයා පරදිනවා. ටුඩේ ඉස්පැසල් ඉවාන්ස් ...... වෙනවා.

      Delete
  14. Replies
    1. ඇයි වස්තුවෙ මක්කැයි වුනේ?

      Delete
  15. ගොන පොර නැති දවස්වලට today special මොනාද?
    පඹුල් කිරි ඇටද?
    සුපිරියෙත් සුපිරි නිර්මාණය
    රස සරණියට ජය!

    ReplyDelete
    Replies
    1. “කොයි රටේ එකාද ඒ..?“ කියලා අහපු කිඹුලගෙද?
      ජය වේවා!

      Delete
  16. මිනිහ කිව්වලු මෙන්න මෙහෙම

    ඊලග ඔට්ටුව දවසට
    ගොනා දිනුවොතින් මා හට
    තෙලේ බැදලා අරගන්නට
    කයිය පඩන් අරන් වරෙන් .. .

    ReplyDelete
    Replies
    1. ෂැක් විතරක් කැත කතා කියන ලස්සන... පොල් කොබා.

      Delete
  17. අර මොකද්ද දෙක මොකද්ද වටේ කැරකෙන්න ගහනවා කියල කතාවක් තියෙන්නෙ. ඒ ඔය දෙවෙනි අවස්තාව උදා වෙනකොට වෙන්ටැ...

    ReplyDelete
    Replies
    1. ඒවා සේරම අහකවෙලා යන්නලු ගොනා අනින්නෙ අහකවෙලා

      Delete
  18. ඊයා ජලාව

    කවි ටික නම් ඉතින් පස්ට ඈ

    ReplyDelete
    Replies
    1. “ඊයා ජලාව.... ටිකක් හෙමින් පෙරලනවකො ඕයි“ කිව්වලු.

      Delete
  19. හත්තිලව්වයි............. වට අැල්ලද බොල කාලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඇල්ලෙන් බොන්නනං පුලුවං ඉතිං

      Delete
  20. පට්ට යකෝ.. කොච්චර අහල තියෙන කතා වුණත් උඹ ලියන කොට මාර රහයි

    ReplyDelete
    Replies
    1. ඒක තමා දිලා කවියේ මහිමය

      Delete
  21. මට සැකයි උඹේ 2ක ගැන.හම්බුන වෙලාවක පෙන්නපන්කෝ.එතකොට මම පිළිගන්නම් මේ කවිවල තියෙන්නේ උඹ ගැන නෙමෙයි කියලා.

    ReplyDelete
    Replies
    1. කටුස්සන්ට ඉතිං ඕවා තිබුණයි කියලා පේන්න තරං දෙයක් තියෙන එකක්යැ...හැක්...හැක්

      Delete
  22. සයිස් එක වෙනස් උනාට ප්ලේට්ස් දෙකම එකම ගානද දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. සමහර විට පොඩි ඩිෂ් එක ගණං ඇති.

      Delete
  23. එල ද බ්‍රා
    දැන් කවුද ඔය ගෝන් පොරයට ගියේ අපේ එකෙක්ද?

    ReplyDelete
    Replies
    1. බ්‍රා කොම්පැනියක වැඩ කරන එකෙක් කියලා තමා ආරංචි.

      Delete