2015-04-18

කොහෝ කොහෝ



කොහෝ...කොහෝ....
මොන මගුලට කොහෝ කියනවදෝ
අතේ සතේ හිඳෙනා බව - උඹට දැනෙනවදෝ...


පඩි බෝනස් ඇඩ්වාන්ස් ද අතක් පුරා ලැබිලා
කොහෝ අන්න අර බලපං - කඩවල බඩු පිරිලා

කොහෝ...කොහෝ....
මොන මගුලට කොහෝ කියනවදෝ
වමත අල්ල කහනා බව - බොටත් දැනෙනවදෝ...

අපට නැතත් පොඩි එවුන්ගෙ ආසාවන් දැකලා
කියන කියන දේ ගෙනවිත් - පොකැට්ටුවත් හිඳිලා

කොහෝ...කොහෝ....
මොන මගුලට කොහෝ කියනවදෝ
අවුරුද්දක් මොන ලබ්බට - අරගෙන එනවදෝ...

ගෙදර උන්ට නෑ සියන්ට රෙදි කෑලිත් බෙදලා
පරණ රෙද්ද ඇඳගෙන - ඉමි අත්දෙක පිහදාලා

කොහෝ...කොහෝ....
මොන මගුලට කොහෝ කියනවදෝ
මැයි මාසේ පඩි එනකන් - උඹත් හිඟනවදෝ...


(මේක ලියන්න හිතා හිටි දෙයක් නෙමේ. ඒත් සජ්ජාගේ අවුරුදු පණිවිඩය දැකලා නිකමට හිතුනා. සජ්ජා, බොහොම ස්තුතියි!)

කට්ටිය පොඩ්ඩක් මේ සුභ පැතුමත් එක්ක සැඟවුණු අමුත්තො හොයන්නකො බලන්න එහෙනම්.



10 comments:

  1. අවුරුද්දට වියදම් කරලා ඉගෙනගත්ත පාඩමෙන් වෙසක් එකට සිල් ගත්තම හරි.

    ReplyDelete
    Replies
    1. සියල්ල අනිත්‍යයි කියලා හිත හදාගම්මු විචාරකතුමා. ඕන් ඔබ තුමාවත් රිංගවලාම සුබ පැතුමක් දැම්මා. මේක දැම්මෙ දැන්.

      Delete
    2. ඒක නම් ඇත්ත,, මට බ්ලොග් එක පැත්තේ යන්න හිතෙන්නේ නැහැ වසන්තේ නිසාද මන් දන්නේ නැහැ :(

      පහල තියෙන රූපේ නියමයි,,,,
      රවී අයියා, කු.ගෑ. ගි ,මං තුමී,,, විභීෂණ

      Delete
    3. ඒක තමා මේ! අපි ඉතිං අලුත්නේ ඔමා... ට්‍රෙන්ඩ් එක තේරෙන්නේ ටිකක් පහුවෙලා.

      Delete
  2. පාට පාට සේල වගේ කඩවල බඩු පිරිලා..ඒ බඩු තෝරන බඩුවල මගෙ හිත නැවතීලා....කොහෝ කොහේ...ටවුමෙ තියෙන සේල් කඩේ උමට පේනවදෝ...

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන්!
      ඕවා බලන්නමත් යන ඇත්තෝ සිටිති.

      Delete
  3. Obatath Subama Suba Aluth Auruddak Wewa!!! :)


    Podi Illimak Mama Me Potowa Mage Blog Ekerda palakala bawa danwa Sitinawa :) :)

    ReplyDelete
    Replies
    1. Subja Aluth Awuruddak Wewa!
      Approved subjected to mention the original link.

      Delete
  4. Replies
    1. උඹටත් එසේම වේවා! (!!!!! ඇතුලෙ උඹේ ට්‍රේඩ් මාක් එක දැම්මා)

      Delete