2015-04-13

ජෝන්



ධනවත් යුවලක් සිටියා - මහ විශාල මන්දිරයක
ජෝන් කියා සේවකයෙක් සහයට සිටියා

දවසක් මේ යුවල ගියා - සැන්දෑ සාදයක් පිණිස
තරුණ ජෝන් නිවසේ තනිකරලා තබලා


පැයක් පමණ සාද බිමේ - සිටිනාවිට බිරිඳ පැමිණ
සැමියා හට අමතාලා මෙසේ කියන්නේ

මටනම් අද හරි නෑනේ - හිසත් රිදනවා වාගේ
මම යන්නද ගෙදර - ටිකක් නිදාගන්නට...

එහෙනම් කාරෙක අරගෙන - ඔයා ගෙදර යන්න ඉතිං
කුලී රියක් ගෙන එන්නම් - රෑ වෙලා මම...

නොසිතූ ලෙස සැමියාගෙන් - ලද්දාවූ අවසරයෙන්
සිත රැඳි අදහසක් ඇතිව - ඇය පිටවෙන්නේ

ඇය නිවසට පැමිණෙන්නේ - නිහඬව ඇතුලට යන්නේ
නිදන කාමරේට ඇවිත් මොහොතක් ඉන්නේ

ජෝන් එන්න කාමරේට - හඬ නගලා අඬගසලා
සේවකයා කාමරයට - කැඳවාගන්නේ

දෙදෙන ඉඳී මුහුණු බලා - වේගෙන් සුසුමන් හෙලමින්
උද්වේගය සමග ඔවුන් ඇත කැළඹීලා

මාගේ වත ගලවන්නැ‘යි - ඇය කීවා ඔහු අමතා
වෙව්ලන දෑතින් ඔහු එය - ඉටුකරලන්නේ...

දෙන්නට දෙන්නගෙ සුසුමන් - දැනෙනා තෙක් ලංවී ඇත
ඇය වෙව්ලන ස්වරයෙන් යලි - මෙසේ කෙඳිරුවා

ඇයි මාගේ යට ඇඳුමද - ඉවත් කරන්නේ නැත්තේ
නූල් පොටක්වත් සිරුරේ - ඉතිරි නොවෙන්න

ඔහු ඇයගේ අණ පිළිපැද - ඇයගේ යට ඇඳුම් සැමද
එකක් නෑර ඉවත් කලේ - කිසිවක් නොකියා

ඇයත් ඔහුත් දෙදෙනා දැන්  - ඇත අවසන් නිමේෂයේ
ඔහු ඇයගෙන් මෙතෙක් පැතූ - වදන් පිටවුනා



මීට පස්සෙ මගේ ඇඳුම් - ඇඳගෙන ඉඳ අහුවුනොතින්
ජෝන් උඹව මේ ගෙදරින් - එලෝගන්නවා


32 comments:

  1. එතකොට නෝනා ගෙදර ඇවිත් තියෙන්නෙ ජංගි හොරා අල්ලගන්න. අම්මප මධුමාධවියේ උඹනම් අපිව කරකවල අතාරිනවා.

    ReplyDelete
    Replies
    1. අනේ ඒ උනාට දුකේ බෑ බං අපේ අයියලා බනිනවනෙ මේවා මදි කියලා. උන්ටත් දැන් සැරම ඒවා ඕනි.

      Delete
  2. මෙදා පොටේ නං මදාවි - ලියා ඇත්තෙ කලබලයෙනි
    වෙනදා වෑහෙන රසහව් - අද නොදැනෙන්නා...

    ReplyDelete
    Replies
    1. හලි හලී ඉතිං... හැමදාම සැරටම දෙන්න අමාරුයිනෙ සහෝ...

      Delete
  3. හත්තිලව්වයි..... මුල ඉදලා අගට කියවලා අායෙම අග ඉදලා මුලට කියෙව්වා.... දැන් තේරුණා...... සුපර්

    ReplyDelete
    Replies
    1. අග ඉඳලා මුලට...? හැක් හැක්

      Delete
  4. අම්මෝ නෝනගේ මොලේ

    ReplyDelete
    Replies
    1. දාන්න හොඳයි දොලේ

      Delete
  5. ඔය වගේ මෝඩයෝ ඉන්නවා. මේ ඊයේ පෙරේදා උදේ පාන්දර පොඩි පොදක් ගහමින් තිබුනා. මම පාන් ගන්න චූන් පාන් ත්‍රී වීල් එක ලඟට ගියේ අපේ නෝනගේ හවුස්කෝට් එකක් ඔලුවේ දාගෙන. වැස්ස තද නැති නිසා කුඩයක් ඕනේ නැහැ. අනේ චූන් පාන් මල්ලි පාන් ගෙඩියමට දීලා සල්ලිත් ගන්නේ නැතුව මාව බදාගෙන ඉම්බා. මම හිතන්නේ උගේ ගෑනිටත් මේ වගේ හවුස්කෝට් එකක් ඇති. පව් අහිංසකයා.

    ReplyDelete
    Replies
    1. අන්න මිනිස්සු.....මටනම් සැක ඊට පස්සේ අපේ විචා මාමා කරපු .දේ ගැනයි

      Delete
    2. විචාරක තුමාට වෙලාවකට ලාග්ගො හිරවෙනවා. වෙලාවකට නෝනගෙ එක ඔලුවෙ දාගෙන යනවා. අනේ මන්දා කොහෙන් කෙළවර වෙයිද කියලා.

      Delete
    3. අන්න ඒකයි කටුස්සො මටත් බය. අහිංසකයා නිසා පාන් කාරයට පාන් කියාගන්නත් බැරිවෙන දෙයක් උනාද දන්නෑ...

      Delete
    4. චුන් පාන් මල්ලි හිතන්න ඇත්තේ මේ ඇවිත් ඉන්නේ විචාගේ නෝනාය කියල, වෙනද පුරුද්දටම උම්මා එකත් එක්ක පාන් ගෙඩිය දෙන්න ඇති

      Delete
  6. අපගේ හෙල ඉතිහාසය ගත් කල මෙන්ම, ලෝකයේද පලමු වරට යට අදුමක්(ජොකෙක් -ජොලියට +කලවා මතින් ඇදපු )ඇන්ද පුඩ්ගලයා ලෙස සදහන් වනනේ රාවන රජතුමාය..එතුමාගෙන් මන්දෝදරී බිසවටද පසුව, අනෙක් බිසෝවරුන්ටද මෙම ජොකා ඇදීම හුරු වී ඇති බව හෙල ඉතිහාසයේ සදහන්ය....ඇත්ත වශයෙන්ම මෙම ජොකෙක් නිසා වූ අලකලන්චියක් ගැන මාධවි ලියා ඇති කවි ටික නන් පට්ට බව සදහන් කල යුතුමය....

    ReplyDelete
    Replies
    1. මන්දෝදරී බිසව ජොකා ඇඳපු නිසා වෙන්න ඇති අර ඇස් බී ලොක්කත් සැටලයිට් නෝනට ලංකට් එක පිටින් දුවන්න කිව්වෙ.

      Delete
    2. මාධව, බිසෝවරුත් අඳින්නෙ ජොක්කුමද?

      Delete
    3. හෙනහුරා, කොහෙද අප්පා ගිහිං හිටියෙ. අපල ගෙවිලද?

      Delete
    4. මුල් කාලයේ වෙනසක් තිබිල නෑ,හැම එකටම මුල්වෙලා තියෙන්නේ පිරිමියෙක්නේ..එනිසා මූලික ස්වරූපය වූ පුරුසාර්ථයෙන් හැදින්වීමද අර්ථාන්විතය.."මොකද මනුස්සයෝ" කියල,ගෑනුන්ට කියන්නැද්ද..

      Delete
    5. එම්බා ශනි, අද හරිම සනි..නැත්තන් තට කිව යුත්ත මම දනිමි.*+\;'***/.

      Delete
  7. මොකද කලබලේ.. ෂොපින් යන ගමන් ද ලියුවේ. කලබලයන් ලිවීමෙන් වැඩිපුර හිනා වීමට තිබූ රසය අඩු කිරීම පිළිබඳ මාගේ බලවත් විරෝධය.. අවුරුදු ජය වේවා! ඊලඟ කෑල්ල මීටත් වඩා රසවත් වේවා!

    ReplyDelete
    Replies
    1. හැමදාම රහට උයන්නත් අමාරුයිනෙ කළණ. බලමු ඊ ළඟ එක.
      එසේම වේවා!!!

      Delete
  8. මධුමාධවීට සහ පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
    Replies
    1. ඔබටත් පවුලේ සැමටත් එසේම වේවා!!!

      Delete
  9. අන්තිම පද දෙක කියවලා ඉවර උනාට පස්සෙ කටට ආපු වචන ටික කියන්න ඕනෙ නෑනෙ.... නියමයි...

    ReplyDelete
    Replies
    1. රස විඳීම වෙනස්නෙ. ස්තූතියි!

      Delete
  10. නොදකින්.....පෝස්ට් එකක්,කමෙන්ට් අඩු වුනා කියලා උඹව අමතක වෙන්නේ නෑ.නිදහසේ හොඳ එකක් දාන්න බැරිනම් මේ නිවාඩු දවස්ටිකේ !@#$#$%^^^ ගහපන්.

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං අකුරු නමයකින් විතර ගහන එක?

      Delete
  11. 18 ප්ලස් වලට වැටෙන්නේ නෑ මේක. හෙන මයිල්ඩ් නේ මධාවියෝ.
    http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16592-2015-04-16-22-13-18

    ReplyDelete
    Replies
    1. හැක්...හැක්... අපේ කොල්ලන්ට මයිල්ඩ් වුනාමත් මල පනිනවානෙ අජිත් අයියෙ. උන් දැන් ඉල්ලන්නෙ හාඩ් කෝ.

      Delete
  12. Replies
    1. ඔය තියෙන්නෙ ඉතිං.

      Delete