2014-12-15

හපනා


එකේ පංතියේ පැංචෙක්-ගුරුතුමියට ලං වීලා
මේන් මෙහෙම පැමිණිල්ලක් ඉදිරිපත් කලා

"ටීච මගේ පොඩි අක්කා-තුනේ පන්තියේ ඉන්නේ
එයාට වැඩි දැනුමක් මට පිහිටා ඇත්තේ

ඒක හින්ද මාවත් දැන්-තුනේ පන්තියට දාන්න"
කීප දිනක් මේ ලමයා කරදර කෙරුවා


ගුරුතුමියත් බැරිම තැනදි-මේ ලමයා කැඳවාගෙන
විදුහල්පති කාමරයට පියවර මැන්නා

ලමයා එළියෙන් තියලා-විදුහල්පති හමුවීලා
මේ කතාව එතුමා හට සැලකර සිටියා

විදුහල්පතිතුමා එවිට-"අපි එහෙනම් පුංචි පහේ
විභාගයක් තියමු" කියල යෝජනා කලා

ලමයා ඇතුලට කැඳවා-විදුහල්පති සරල බසින් 
තුනේ පන්තියේ මට්ටමෙ දැනුම විමසුවා

තුන් වරක්ද හයවරක්ද - චක්කරේද අරක මේක
අහන අහන හැමදේටම කොල්ලා හපනා

ටීචර් ඉදිරියට පැමිණ -"ඔහොම නෙමෙයි සර් මෙයාට
ඇප්ටිටියුඩ් ටෙස්ට් එකකුත් තියමුද" ඇහුවා

විදුහල්පති සහ සිසුවා-දෙදෙනම එය පිළිගත්තා
ටීචර් දැන් මේ විලසිනි ප්‍රශ්න අහන්නේ

"එළදෙනකට හතරක් ඇති-ඒත් මෙමට යුගලක් ඇති 
කුමක්ද ඒ......" 
"කකුල්" කියා කොල්ලා කියපී

"මගේ සාරිය ඇතුලේ නැති-ඔබෙ කලිසම ඇතුලේ ඇති
දේ කුමක්ද..." 
"සාක්කු" යයි මේකා කීවා

"ඇතුලට යනකොට තද ඇති-රෝසපාට දෙයකී මෙය
එළියට එනකොට මෙළෙකයි ඇලෙනවත් වගේ"

"අයියෝ ඔය චුයිංගම්නෙ" - කොල්ලා දෙනවා උත්තර
විදුහලපතිතුමාගෙ දැන්-ඇස් උඩ යන්නේ

"පිරිමින් හිටගෙන කරනා-ගැහැණුන් ඉඳගෙන කරනා
බල්ලො කකුල් තුනෙන් කරන ක්‍රියාව කිමද"

"ඒක අතට අත දෙන එක"- කොල්ලා කීවා සැනකින
විදුහල්පති පුටුව තල්ලු කරල නැගිට්ටේ

"මේකව ගෙනිහින් දාන්න- පහේ පන්තියට දැන්මම
ප්‍රශ්න වලට මට ආවෙම වැරදි උත්තරයි....!"




20 comments:

  1. මාධවී .....................

    ඔය නෙලලා තියෙන්නේ නියමෙට ම ............. පහේ පන්තියට දාන්න නෙමෙයි කරන්න තිබ්බේ විදුහල්පති කම දෙන ඒකයි......................

    ReplyDelete
    Replies
    1. ඒකත් වටිනවා. හී..හී... එතකොට කොල්ල තව ඔයිට “හපන්“ වෙයි.

      Delete
  2. ඒ කතාවනම් මාත් මීට කලින් අහල තියෙනවා මාධවියේ... ඒත් ඔබේ මාධවී සෞඅරල් වලින් අහනකොටනම් මාර ගතියක් තියෙන්නේ. ඒක නෙවෙයි, ඔය කතාවෙ එක තැනක මට ගැටලුවක් තියෙන්වා. කතාව අහන, මතක්වෙන හැම වෙලේම ඔය ගැටලුව එනවා.

    \\පිරිමින් හිටගෙන කරනා-ගැහැණුන් ඉඳගෙන කරනා
    බල්ලො කකුල් තුනෙන් කරන ක්‍රියාව කිමද"//

    "ගැහැණුන් ඉඳගෙන කරනා"

    ඇයි බං ගැහැනු ඉඳගෙනද අතට අත දෙන්නේ? හිටගෙන දෙන්නෙම නැත්ද?

    ReplyDelete
  3. මේකෙ තව ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒවා අපේ ආරට/භාෂාවට ගැලපෙන්නැති නිසා හැලුවෙමි.
    අතට අත දීමේදී කාන්තාව ඉඳගෙන සිටීනම් ඇය නැගිටීමට අවශ්‍ය නැත. පිරිමියෙකු අතට අත දීමේදී නැගිට සිටිය යුතුය. හිටගෙන සිටීනම් එසේ සිට අතට අත දීමට බාධාවක් නැත.

    ReplyDelete
  4. Why not give him the post of minister of education or higher education...?
    This little guy is having more qualification than botyh of them...
    If not why not give him atleast deputy posts or adviser to president for education post....?

    ReplyDelete
  5. වල්ලා පට්ට.. ඒ තරම් ඉස්තරම්

    ReplyDelete
    Replies
    1. තැන්කිව් මාතලන්. ඔය වචනෙ සර්ච් කලොත් බුද්ධි අංශවලින් අපි දෙන්නම අහුවෙයි නේ?

      Delete
  6. මාත් කතාව කලින් අහල තිබ්බට මේ විදිහට නියමයි.
    විදුහල්පති ලවා මම පුංචි පහේ දරුවෙකු තරම් හපනෙක් නොවෙමි කියල කියවන්න තිබ්බෙ.. :D

    ReplyDelete
    Replies
    1. එතකොට හෝඩියට දාවිනෙ ආයි?

      Delete
  7. මදාවියෝ , මටත් හිතුනෙම වැරදි උත්තර .ශික් කැත හිත ,,,,පොස්ට් එකට අදාල නැතුව ඇති මචෝ .එත හපනා කියපු ගමන් මතක් උනේ මේ සින්දුව බන් ...

    මගෙ පුතු හරි හපනා
    හෙට කොළඹ ට යනවා
    පනම් තුනක් ලබ ලා
    මටත් එකක් දෙනවා
    මගෙ පුතු හපනා...

    මගේ උකුළු යහනේ
    අද සුව නැති හින්දා
    ඒ නැළවිලි ගීයෙන්
    පුතු නළවන්නට බෑ
    වැවිලා දැලි රැවුලූ
    උරතල වේ පුළුලූ
    කටහඬ මොළකැටි නෑ
    තුරුණු ය මා පුතණූ...

    මගෙ පුතු හරි හපනා
    හෙට කොළඹ ට යනවා...

    ආශා ගී නුහුරූ
    මා පුතු රවටයි දෝ
    සවන් නොදෙනු පුතුනේ
    ඒ ගී නැත මියුරූ..
    පෙර මඟ අද ඔබගේ
    පියතුම නැතැයි කියා
    වෙනස් නොවනු පුතුනේ
    ඔබෙ හද වෙසෙයි පියා...

    ගායනය : රූපා ඉන්දුමතී
    ගී පද : දයා ද අල්විස්
    තනුව : ටී. ෂෙල්ටන් පෙරේරා


    ReplyDelete
    Replies
    1. මේක ඇවිල්ල සින්දූර් එක්තරා අකාරෙක දරු නැළිවිලි ගීයක්. මට මතකයක් තියෙනවා අපේ අම්මා ඕක කියනවා. සිහිකැඳවීම ගැන ස්තුතියි!

      Delete
  8. මදාවිගේ ළමයත් ,ඒ වගේ හපනෙක් වෙයි නේද ජාන නිසා......
    ජය වේවා......

    ReplyDelete
    Replies
    1. ඊටත් හපන් වෙයි...හිටං

      Delete
  9. මචං මදා
    උඹට ඇම්ඩගෙ මේ වගේ අනික් කතා සෙට් ක දුන්න නං උඹ ඒවටත් පට්ට කවි ටිකක් ලියයි බං
    හිහි
    ඇත්තමයි ගින්දර

    ReplyDelete
    Replies
    1. හිටපිය... බඩු තව මග බං....
      )තෑන්ක්ස්(

      Delete
  10. ඔය පොඩි එකාව හොයලා එවපං අපේ කන්තෝරුවට.. මගේ පොස්ට් එක දීල මං යනෝ ඒ ටීචර් ගෙ පංතියට.. හිහ් හිහ්.. ඕං ඕං වැරදි උත්තරේ හිතුවා.. කැත හිතනේ.. මං යන්නේ ආපහු හෝඩිය ඉගෙන ගන්න..

    ReplyDelete
    Replies
    1. මොකක්ද කියකො කන්තෝරුව... පොඩ්ඩව එවන්න
      //ඕං ඕං වැරදි උත්තරේ හිතුවා.. කැත හිතනේ// උඹම තමා කියන්නෙ ඉතිං..

      Delete
  11. අඩෝ කවුද බොල ඒ කොලු තඩියා , ඌ හොඳයි නේ උසස් අධ්‍යාපන ඇමති කමට

    ReplyDelete
    Replies
    1. කොලු පැටියට නං අපාහාස කරනවා නෙමෙයි ඕං ඉවංන්...
      උෘට තුන්වරක් හයවරක් ඔක්කොම පුලුහං.. අනික ඌ දන්නවා බල්ලො කකුල් තුනෙන් කරන්නෙ මොකක්ද කියලත්... හිටං..

      Delete