2015-04-27

කව්ද දන්නෙ


දුප්පත් පවුලක් හිටියා - ගොවිතැන් කර දිවි රැකගත්
මව්පිය දෙදෙනා සමගින් - පුතුන් තුන්දෙනා

ඔවුනට තිබු ලොකුම දෙයයි - කිරි එළදෙන හොඳින් වැඩුනු
ඌ මත යැපිලා සිටියේ - පවුලෙ පස්දෙනා


දවසක් උදයේ ගෙවිලිය - කිරිදොවන්න ගිය කලදී
එළදෙන මැරිලා හිටියා - අනේ අනිච්චං

ගෙවිලිය කම්පා වීලා - හතී අතේ දුව පැනලා
ගෙදර ඇවිත් ගෙල වැල ලා - පණ නහ ගත්තා

උදයේ අවදිව ගොවියා - කිසි සද්දක් නැති හින්දා
වට පිට සෝදිසි කරලා - කම්පා වෙනවා

ගෙවිලිය පණ නහගෙන ඇත - එළදෙන මියැදීලා ඇත
කුමක් කරමිදෝ මම යැයි - සොවින් තැවෙන්නා

ගෙටගොස් ගිනි බටය රැගෙන - ඔලුවට තියලා බට කොන
වෙඩි තියාන ගොවියා පරලොව වෙත වැඩියා

ලොකු පුතාද අවදි වුනා - මව් පිය දෙදෙනා දුටුවා
මලවුන් අතරෙයි ඇත්තේ - එළදෙන සමගින්

ගඟට පැනල පණ නහගමි - කියා ගියේ ගඟ අයිනට
පනින්න පෙර ඔහු දුටුවේ - අමුතුම දසුනක්...

අඟ පසඟින් හරි පිරිපුන් - සඳවන් වත කමල පිපුණු
රුවැති කිඳුරියක් දිය මත පා වී ආවා

ඔබ පත්වී ඇති දුක දැක - ආවෙමි මම පිහිට වෙන්න
එක කොන්දේසියක් පිටයි - හැම සිදුවන්නේ

එක දිගටම තුන් පාරක් - මා සමගින් එක්වීලා 
මාව සතුටු කලොත් තමා - එය ඉටුවන්නේ

එවිට ඔබට මව් පියන්ද - කිරි එළදෙන සමග තුටින්
කල් ගෙවන්න ඒ හැම මම ආපසු දෙන්නේ

නමුත් ඔබට නොහැකි වුනොත් - ජීවිතයෙන් වන්දි ගෙවා
ඔබටත් සිදුවේය අනෙක් අය වගෙ යන්න...

තරුණයාද කැමති වෙලා - තුන් පාරක් එකතුවෙන්න
සූදානම් වුවත් අහෝ වැරදුනා අනේ

පළමු දෙවන උත්සාහය - හරිගියාට අන්තිමේදි
තුන් වන වර බැරි වුනාලූ - ඛේදයකි අහෝ...

කිඳුරිය ඔහු ගිල්වාලා - ගඟ පතුලේ සැඟවූවා
දෙවන පුතා ඇහැරෙනුයේ - එයිනුත් පසුවයි

මව්පියන්ද සමග ගොසින් - එළදෙන ඇත මරු තුරුලේ
ඒ වන විට ලොකු අයියත් - ඔහු හැර ගොසිනී...

ගඟට පනිමි මමත් ඉතින් - දිවි තොරකර ගන්න රිසින්
දෙවන පුතත් දිව යන්නේ ගඟ වෙතට ඉතින්

දිය කිඳුරිය පැමිණෙන්නේ - පළමු ලෙසම කියවන්නේ
කොන්දේසිය වැඩි වන්නේ - පස් පාරකටයි...

ඇයගේ රූ සිරි දැකලා - මේ පුතාද සැරසෙන්නේ
නමුත් ඔහුට යා හැක්කේ - සිව්වරක් තමයි...

ගඟ පතුලේ ගිලී ගියේ - දෙවන පුතුද නොසිතු ලෙසේ
බාල පුතා අවදි වෙතේ - සැමටම පසුව...

එළදෙන හා මාපියන්ද -  වැඩිමල් වූ සොහොයුරන්ද
අහිමිව ඇති බව දැනුනා - බාල පුතාට...

ඔහුද යතේ ගඟ සොයාන - සිය දිවි නහ ගනු විලසින්
දිය කිඳුරිය හමු වන්නේ - ඔහුට එතැනදී

ඔබගේ මවු පිය දෙදෙනා - සමගින් එළදෙන ලැබදෙමි
එපමණක්ද නොවේ ඔබේ - අයියල දෙන්නා

මේ සියල්ල නැවත ඔබට - ගෙනවිත් දෙන්නට හැක මට
දහ පාරක් මා සමගින් - එක් වෙනවානම්...

බාල කොලූ එය අසලා - එඩිතර ලෙස නැගී සිටී
ඇයි දහපාරක් විතරක් - කියා විමසුවා

පහලොස් පාරක් බැරිදෝ- අපි දෙන්නට එකතුවෙන්න
ඔහු විමසීයෙන් කිඳුරිය - මෙවර මවිත වේ...

ඇයි පහලොස් වරක් ඇතිද - විසි පාරක් බලමු නේද
ඔහු ඇසුවා යලිත් වරක් - පුදුමය පතුරා

ඇය හට මෙය හරි අමුතුයි - මෙවන් පිරිමියෙක් නැත තව
ඇය හට මුණ ගැසී ඇත්තේ - කිසිම දවසක...

අවසන ඇය එකඟ වුනා - විසි පාරක් එක් වන්නට
පොරොන්දු වූ ලෙසින් සියලු දේ යලි දෙන්න

මේ මොහොතේ බාල පුතා - ඇය නවතා මොහොතක් සිට
මෙන්න මෙහෙම ගැටලුවකුයි - පැන නංවන්නේ

කවුද දන්නෙ ඔබෙ පොරොන්දු - එලෙසින් ඉටු වෙයිද කියා
විසි පාරෙදි ඔබ මැරුනොත් - එළදෙන වාගේ...


97 comments:

  1. මල මිනිස්සු බොරු නොකියති....
    නියම මිනීමරුවා අල්ලා දුන් මදාවියාට අපේ තුති...
    මං නම් කියන්නේ දෙපාර තමා ගාණ...පට්ට බන්...

    ReplyDelete
    Replies
    1. තුන්වෙනි පාර බලපංකො....එතකොට තේරෙයි

      Delete
    2. දෙකයි... පාන්දර කුණු කෙළ එකයි...

      Delete
    3. ගෙදරදි දෙකයි
      පෞද්ගලික ලේඛම් එක්ක තුන් පාරයි..(අන්තිම එක.. එලියට බහින්න ලැහැස්ති වෙලා දෙන අන්තිම කිස් එක නිසා ආය පාරක් මුල ඉදලා ඇදුම් අදින්න වෙනවා)

      Delete
    4. @රූපෙ,
      හොඳට බොඩි ෆිට් එක තියෙනවනං දෙපාරට වඩා උනත් කමක් නෑ මචෝ.

      @වැවේ,
      කොයි දේ උනත් වාර ගාන වැඩිවෙනකොටනං එපා වෙනවා නේද?

      @මාතා,
      ප්‍රභාතේ මෛථුනං සුඛං කිව්වලු.

      @මෙන්ඩා,
      ඔය කියන්නෙ කොම්පැනියට වෙලා කොරන වැඩ. ඔය ගානට කෙට්ටු වෙලා ඉන්නවා ඇති බැලුවම.

      Delete
    5. මෙන්ඩා කොහොමත් අැදුම් අන්දන්න රුසියා නොවැ

      Delete
    6. @මධූ, පිස්සුද බං ආතල් එක වැඩි වෙනවා

      Delete
    7. @කුරුටු,
      යට ඇඳුම්...

      @වැවා,
      වැඩක් ඇතෑ මග යන්න පණ නැතිව පඟර නැට්ටා හේ...

      Delete
    8. චැහ්.. මෙන්ඩ ගැන මගෙ හිතේ සෑහෙන ගවුරවයක් තිබ්බා!!!!

      Delete
    9. එළ ද බ්‍රා මෙන්ඩා...

      Delete
    10. @මනෝෂ්,
      උඹ බුකියෙ ඕකගෙ ෆොටෝ දැකලා නැතිව ඇති එහෙනං

      @ඩිල්,
      බළල්ලුත් සාක්කිලු.

      Delete
  2. මූ නම් අනිවා ගොපල්ලෙක්.

    ReplyDelete
    Replies
    1. ඒවා තමා බං ජාලෙ තියෙන්නෙ වැඩිපුර. අහිංසක මං මක් කොරං?

      Delete
  3. පවුලේ බාලයෝ උනාම එහෙමැයි හොඳේ.. (අනියම් මිනී මැරුම් ගැන නොවේ යකෝ මං කිව්වේ.)

    ReplyDelete
    Replies
    1. කළණය බඩ පිස්සද? හෆොයි විනාසයි!

      Delete
    2. යකෝ මාත් බාලයා....

      Delete
  4. උදේ පාන්දර බස් එකක් ඉස්ටාට් වෙන්නේ නැතුව කොන්දා කතා කරනවා බස් ගැංසියට. එකෙක් කියාපි උදේම තල්ලුවක් දාලාය ආවේ කියලා. ඒක අහපු ත්ව එකෙක් කියාපි. උඹ එක පාරෙයි දැම්මේ..? මම නම් දෙපාරක්ම තල්ලු දැම්මය කියලා..

    ReplyDelete
    Replies
    1. තල්ලු කොරලවත් ඉස්ටාට් වෙන්නෙ නැති ඒව තමා බං එපා වෙන්නෙ.

      Delete
  5. අඩේ මරු කතා කයිය.

    ReplyDelete
    Replies
    1. අයියත් දාල තිබ්බෙ අද හොඳ කතා පොජ්ජක්!

      Delete
  6. හොද වැඩේ දියකිදුරිට හැමෝටම පාට් දාලා අන්තිමෙට ඇන ගත්තා.
    උඔ පවුලේ බාල කොලුවද?

    ReplyDelete
    Replies
    1. ඇන ගන්නවා කිව්වට මේක ඇන පෝලිමක්නෙ බං.
      අම්මපා සහතිකයි බං...

      Delete
  7. චැහ්, මං හිතං හිටියේ කිඳුරියො හරි අහිංසකයි කියලා .. උන් හරි වල් නේ ....☺ ☺

    කිඳුරියගේ පිළිතුර,

    ගත් සියළු පණනළ දෙන්නම් පෙරළා
    පිං සිදුවෙයි ඔහේ යන්න මාව අතැරලා

    ReplyDelete
    Replies
    1. කොලුවාගේ පිළිතුර,
      බොලෑ පිරිමි වගේ නෙමෙයි - අපේ පහල හරි නිදහස්
      මාලු කෑලි පහල නැතේ - අපි හරි වැඩ්ඩෝ...

      Delete
  8. කොහොමද පොඩි එකාගේ මාර්කටින් පාර ... හික්ස් හික්ස් ....

    ReplyDelete
    Replies
    1. ස්ට්‍රැටජික් ඇප්රෝච් තමා ඉතිං.

      Delete
  9. රැන්ඩියගේ අනිකා බාල එකා ... එළදෙන මැරෙන්න වැඩේ කොරපු එකාට දියකිඳුරිත් කජ්ජක්ද කිව්වලු...

    ReplyDelete
    Replies
    1. හි හි

      Delete
    2. @සජ්ජා,
      අන්න ඒකනෙ බං... එළදෙනක් කීවම සුවල්ප ශක්තියක් ඇති සතෙක්ද?

      @ඔමා,
      මක්කැයි කෙලී කැකිරි පලන්නෙ?

      Delete
    3. මොකක්දෝ ගිල්ල ඒකාට අග්ගලේ මක්කක්ද කිව්වාලු වගේ නේද සාජ්ජා

      Delete
    4. දිය කිඳුරියො කයිය ගැහුවට හෙන දුරුවලයි. අත්දැකීමෙන් කියන්නෙ. මාධවී මීන...!

      Delete
    5. බය වුණාද? මීන ලග්න කාරයො බාගෙට දිය කිඳුරුනෙ මචෝ.

      Delete
  10. මන් හිතුවා පවුලේ පිරිමින්ගෙන් එකෙක් තමයි එළදෙන මැරුවේ කියලා :D

    ReplyDelete
    Replies
    1. එහෙම කල් ඇතිව දැනෙන්නෑ හැමෝටම :පී

      Delete
  11. මොනා උනත් බාල එකා -හොදම එකා නරක නැතා
    ඒවාගේ වෙන්න අපිත්- පිං කරමු සහෝ

    ReplyDelete
    Replies
    1. පිං කරලා බාල එකා - වගේ වුනත් කවදාවත්
      මාලු කෑලි ඇති කිඳුරියො - එපා පතන්න...

      Delete
  12. මදැයි කිඳුරි ලිංගික අල්ලස් ගන්න ගියා
    ජයවේ රසසරණි!

    ReplyDelete
    Replies
    1. අල්විස් කොමිසමට ගෙනියන්න ඕනි හරිනං
      ජයවේවා වර්ණ සැට්!

      Delete
  13. කොල්ලා ගාන විස්සට නැග්ගුවම
    දිය කිඳුරිය ගඟට පැනල නොපෙනී ගියාලු

    ReplyDelete
    Replies
    1. කිඳුරි හිතන්න ඇති මනුස්ස පුත්තරයන්ට ලොකු ලොකු වැඩ බෑ කියලා.

      Delete
    2. විස්සට නැග්ගුව කිව්වම අංශක ගැනද කියල එකපාරට ඔලුවට ආවේ. මගේ කැත හිත :(

      Delete
    3. විස්ස නෙමේ. අංශක 90 හොඳයි. 120 හොඳා...යි!

      Delete
    4. 120 තමා බං හොඳම. නියම ඈන්ගල් එක.

      Delete
    5. 120දි හිටගනත් පුළුවන් ලේසියෙන්ම

      Delete
  14. +++++++++++++++++ ය...
    අර තුන් පාරක් කරගන්න බැරි වෙච්ච එකා මොකෙක්ද බං...
    අඩු ගානේ කසාද බැඳලා හිටපු එකෙක්නම් තව කමක් නැහැ කියතහැකි...

    ReplyDelete
    Replies
    1. ලොකු අයියනෙ බං... ඒ කියන්නෙ “ලොකු පුතා“
      දැං ඔය අත්දැකීමෙන්ද කියන්නෙ කසාදෙ ගැන?

      Delete
    2. ඔන්න කිව්වා... අර එළදෙන ට වෙච්ච වැඩේ තමයි උඹටත් වෙන්නේ.
      තෝනම් මහ මදාවියෙක්...

      බැඳපු එකෙක්ගෙන්ම අහලම බලපන්. අපි මේ ඇහිච්ච කතාවක් කිව්වේ...

      උඹ මේ කතාව අහල නැද්ද.
      කසාද බැඳලා පලවෙනි අවුරුද්දේ සෙක්ස් කරන හැම වතාවකටම එක ගල් කැටයක් අරගෙන භාජනයකට දාලා, ඊළඟ අවුරුද්දේ ඉඳල සෙක්ස් කරන හැම වතාවෙම අර භාජනේ තියෙන ගල් කැටයක් අරගෙන එළියට විසි කළත්, මුළු ජිවිත කාලෙදිම අර ගල් ටික ඉවර වෙන්නේ නැහැල්ලුනේ...
      ඔන්න ඔහොමයිලි වෙන්නේ...
      හැබැයි ගල් කැට එළියට විසි කරන්න ඔට්ටු ගෙදරින් කනවනම් පමණයි...

      Delete
    3. අහල තියෙනවා. ඕක අපේ ලොක්කෙක් මටත් කිව්වා. මං කිව්වා බොස්ටනං බැරිව ඇති කියලා...හැක් හැක් (ඔය කිව්වට ඇත්ත බං)
      එළදෙන වෙනස් වෙනවනම් පට්ටි දාන්න බැරියැ අවුරුද්දට දාස් වාරයක් වුනත්.

      Delete
  15. කැරකිල අන්තිමට ආපු හැටි අපූරුයි බන්

    ReplyDelete
    Replies
    1. ඒක තමා මගෙ ආසම ශෛලිය මධ්‍යස්ථ.

      Delete
  16. මේ දවස් වල කියවන්න වෙනේ නෑ බං. දිය කිඳුරියෝ හත් අට දෙනක් මරලා මං හිරේ

    ReplyDelete
    Replies
    1. අනේ බුදු මල්ලියේ මං එඤ්ඤං උඹව බලන්න හිරේට. කොයිකෙද බං වැලිකඩ ද? අලුත් මහනුවර එකේද?
      කිඳුරියො හත් අට දෙනෙක් මකල හිරේ...? හෑ...!

      Delete
    2. මාත් එනවා බිඩි මිටියක් අරන්..අනේ ඉතිං කිදුරියෝනේ

      Delete
    3. මේකාත් කළ්‍යාණ වගේ නේවිද දන්නෑ...

      Delete
  17. අපෙ තරුණ කාලේ ඔයවගේ හොඳ දිය කිඳුරියෝ හිටියේ නෑ කොල්ලෝ

    ReplyDelete
    Replies
    1. විචාරකතුමා ඉන්න තිබ්බෙ නේවි එකේ. එහෙනං ඔහොම කෑලි හම්බුවෙන්න තිබ්බා.

      Delete
  18. එළදෙන වගේද මාළු කෑල්ල. උඹට අහුවෙන්නෙම මල්ටි ෆ-- ලම තමයි.

    ReplyDelete
    Replies
    1. මාලු කෑල්ලම තමා අවුල බං.
      ඔය මල්ටි ...... කට්ටිය ඉතිං මේවයෙ විතරයි ඉන්නෙ.

      Delete
  19. පොඩි එකාගේ වැඩ පොඩි කමට නොවේ.

    ReplyDelete
    Replies
    1. පොඩි උන් කොහොමත් ලොකු වැඩනෙ කරන්න බලන්නෙ.

      Delete
  20. මටත් එහෙම වුනානන් මෙහෙම කොමෙන්ට් කරන්න වෙන්නෑ හොදේ.... ඕනමනන් දහනම වෙනි පාර ස්ට්‍රැටජික් ටයිම් අවුට් එකක් ගන්න පුලුවන්නේ...ඒ වෙලාවේ හොද ඇඩ් ටිකක් පෙන්නනව.. :

    ReplyDelete
    Replies
    1. හෆොයි... රාවණා රජ්ජුරුවෝ රිමාන්ඩ් කරලද කොහෙද. ලිජෙන්ඩ් එක සම්පූර්ණයෙන්ම අතුරුදහන්.
      ඔය කියන්නේ කෝකටත් තෛලෙ කොමර්ෂල් බ්‍රේක් එක.

      Delete
  21. අඩේ කිඳුරියන්ගෙත් ඇඟ හිරිවට්ටපු පොරවල් එහෙනං ඉඳල තියෙනවා. මේකා කාන්තාරෙක එහෙම හිටියනං ඔටිච්චියො කීයක් නම් මැරෙයිද කියලත් හිතෙනව.

    ReplyDelete
    Replies
    1. එලදෙන්නු විතර ලේසි නෑ මයෙ හිතේ ඔටිච්චියො එක්ක. අර ඔටුවව පොඩ්ඩක් අල්ලගන්න කියපු කතාව තමා මතක් වෙන්නෙ.

      Delete
  22. දිය කිඳුරිය සේ .....
    අනේ බොල මදාවියෝ .අන්තිමට උඹ කොහොම හරි බේරුනා එහනම් .පව් බන් අර වැස්සි .
    හැක් හැක්
    නියමයි මචෝ .මේ දවස් ටිකේ ගොඩක් කවි කතා මග ඇරෙනවා මචෝ .උඩින් පල්ලෙන් බලලා යනවා .කොමෙන්ට් කරන්න තරම් වෙලාවක් නැ ..(මේවා දැක්කම කොමෙන්ට් නොකර ඉන්නත් බැ ...)

    ReplyDelete
    Replies
    1. උඹ හරිම අසාධාරණයි සින්දුවෝ... මෙහෙම කරන්නෙ ඇයි අපිටම?

      Delete
  23. කව්ද නොදන්නේ...???

    ReplyDelete
    Replies
    1. ඈ.... ෂෙෆාකිත් ඒ ගමේද?

      Delete
    2. ගොවි ගෙදර පහයි...උයන එකයි හයයි...ඌ එදා නිදි...

      Delete
    3. හරක් බහුතරය සහිත කුඹුරක් නෙමේද? එක එළදෙනද?

      Delete
  24. එළදෙනත් මැරුවා කියන්නේ ඉතින් කිඳුරියටත් වැඩේ හරිම තමයි..

    ReplyDelete
  25. මේ ඔය විදානෙලාගේ පවුලේ කතාව කොහෙන්ද හොයාගත්තේ....... විදානෙගේ අයියලා දෙන්නා ඔ්කා වගේ නෙමෙයි.. හරි හොදයි මාධවී

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ විදානයා ද විසි පාරක් ගේම ඉල්ලන්නේ?
      බඩ පිස්සනෙ බං. මාත් හේමයි!

      Delete
  26. හරිම කුතුහලයෙන් කියවගෙන ආව්ව් මාදවියේ. වෙනද රහ එහෙමම තියෙනවා. ඒත් දැන් මේ කේස් එකේ අවසානෙ මොකද්ද?

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතිං මල පනිනවා. ඇයි බං මනෝෂ් සඳරුවන් පෝතකයෝ.. දැං ඔය ඉන්න ගුරු විජ්ජාලෙදිවත් ඉගෙන ගන්නැද්ද සමහර කතාවල අවසානය අත්‍යවශ්‍යම නෑ කියලා. මූ නං මේ කපේදි හදලා ගන්න බැරි එකෙක්. අනේ මගෙ තෝ!

      Delete
    2. උඹේ පෝස්ට් එක දැක්කෙ දැං... හිටිං පොඩ්ඩක්.

      Delete
  27. මට ප්‍රශ්නයක්....කිඳුරිත් එක්ක ඉන්න ඉට්ටැයිල් එක කියල දීපන්කෝ.....වරල උස්සලද ,පැත්ත ගහලද?

    ReplyDelete
    Replies
    1. එක එක ඉරියව් උස්සාහ කොරලා තමා විසිපාර. උඹ දන්නවද කිඳුරිගෙ වරල් තියෙන තැන්? බොල කටුස්සෝ උන්ගෙ ....මණියත් වරලකින් වැහිලා තියෙන්නෙ. අත්දැකීමෙනි කියන්නේ.

      Delete
    2. ක‍ටුස්සටත් ඕන්නැති මඟුලක් නෑ...වල් ක‍ටුස්සා :p

      Delete
    3. හදන්නම බෑ ඕකාත්...

      Delete
    4. මට පේන්නෙ මාදවී බ්ලොග් බලන එක නවත්තලද කොහෙද. නැත්නම් මූ කොහොමද මෙච්චර චණ්ඩියෙක් උනේ.

      Delete
    5. පහේ ශිෂ්‍යත්වෙට බරට වැඩ බං. අම්මලගෙ විභාගෙනෙ. අගෝස්තුවෙන් පස්සෙ ඒ චණ්ඩිකමුත් ඉවරයි...හැක්!

      Delete
  28. අඩේ මේ ඇත්තටම බං උඹට මොකාක් හරි සම්බන්දයක් තියෙනවද මේ ගොවිපලවල් එක්ක ඈහ්..

    ReplyDelete
    Replies
    1. අනේ සත්තලනේ මං මක්කොරඤ්ඤද? අරකලා දාඤ්ඤෙම ඔව්වනෙ. (අර ඇමෙරිකන් අධිරාජ්ජවාදියො)

      Delete
  29. අදත් මල් හතයි ඈස් යූෂුවල්....

    ReplyDelete
    Replies
    1. කොළ හොඳයි....මල් හොඳා..යි.

      Delete
  30. ඒ කතාව ඇහෙද්දිම දිය කිඳුරි පපුවෙ අමාරුව හැදිලා මැරෙන්න ඇති.... එල...

    ReplyDelete
    Replies
    1. වරල් කොර වෙලා, කොරපොතු කෙලින් වෙලා....

      Delete
  31. මම මෙතන කමෙන්ට් කළා කියලත් කවුද දන්නේ ;) පට්ටයි පට පටයි

    ReplyDelete
    Replies
    1. උඹ “එතනත්“ කමෙන්ට් කලා කියලා කවුද දන්නෙ? ඒකනෙ ලින්ක් එක දැම්මෙ.
      ස්තුතියි!

      Delete