2015-01-12

පිළිම




වසර ගණන් අව් වැසි මැද නොසැලී සිට පිළිම දෙකක්
ගැහැණු පිරිමි රූප දෙකකි අඹලා තිබුණේ
දෙවියන් මේ යුගල කෙරේ පතල මහා කරුණාවෙන්
අඩ හොරාවක කාලය පණ නල පිම්බා


මෙතෙක් පැවති අසහනයක් දුරලාගන්නට දෙදෙනා
ළඟම තිබුණ පඳුර තුලට රිංගා ගත්තා
පැය කාලක් ගතවෙන්නැති බොහොම තෘප්තිමත් මුහුණින්
පිළිම යුගල පඳුර තුලින් එළියට ආවේ


දෙවියන් මේ බව දැකලා කාලයෙ ඇති අගය කියා
"තව පැය කාලක් ඉතිරිව ඇතැ"යි පැවසුවා
ගැහැණු පිළිමෙ ඒ අසලා පිරිමි පිළිමෙ වෙත හැරිලා
ලොකු ඕනෑ කමකින් මේ ලෙස ඉල්ලන්නේ



"මෙවර ඔයා පරෙවියාව අල්ලං ඉන්නා අතරේ
මෙතෙක් උන්දැ මට කලදේ මමත් කරන්නං"







47 comments:

  1. හිහි උං දෙන්නට පරෙයියොත් එක්ක මාර මළක් තියෙන්ට ඇත්තෙ
    හිහි....
    පරෙයියන්ට මොනව හිතෙන්ට ඇද්ද
    ආයෙ නං ඒ වගේ අසික්කිත වැඩ කරන්නෙ නෑ කියල හිතන්න ඇති

    ReplyDelete
    Replies
    1. සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත.

      Delete
  2. කොච්චර මලෙන් ඉන්න අැද්ද පරවිය එක්ක!

    ReplyDelete
    Replies
    1. ඒකනෙ පහකරන්නෙ.

      Delete
    2. හිටගෙනමලුද කරල තියෙන්නෙ?

      Delete
  3. වල් පරෙයියෙක් නේ...

    ReplyDelete
  4. Replies
    1. පරෙවියා කොයිකද කියලා ඇහුවෙ.

      Delete
    2. වයි පරවියාද ?
      කොයි පරවියාද?
      මයි පරවියද ?
      නයි පරවියද ?

      :D :D :D

      Delete
  5. පරවියෝ විතරක් යෑ... අැයි කපුටෝ.... උන්ට ඒපා වෙලා ඉන්න අැත්තේ....

    ReplyDelete
    Replies
    1. කපුටා පරෙවියා විතරම ස්ථිර වාසස්ථාන සහිත පුරවැසියෙක් නෙමෙයි නේද?

      Delete
  6. Replies
    1. කූඩුවක දැම්මොත් ඇර උන් මෙහෙම එකම තැන ජරා කරන්නෑ නේද?

      Delete
    2. මං කිව්වෙ අල්ලන් ඉන්න අතරේ!!

      Delete
    3. සුවර් එකටම ගිරවෙක් හදලා තියෙනවා. හැබැයි පුතෝ මේ දවස්වල ගිරව් ඔය දෙපැත්තම මූට්ටු වෙලා ඉන්නෙ :-)

      Delete
  7. මොනවාද මේ කතා

    ReplyDelete
    Replies
    1. හාස්‍යය පරිවර්තන කවියෙන්. මොනවා වුනත් වෙල්කම්!

      Delete
  8. උඹ මලහමත් අපි උඹේ පිළිමයක් හදල පාර්ක් එකක තියනවා......ගෝඩ් ප්‍රොමිස්......
    ජය වේවා......

    ReplyDelete
    Replies
    1. උඹ මැරිල පරෙවියෙක් වෙලා එයි මට වැඩේ දෙන්න. හිටිංකො.

      Delete
  9. හැමදා නියං එකදා වැහි වලාවේ.. පරෙවියාට 'නානසාරගේ අබ' සරණයි!

    ReplyDelete
    Replies
    1. අපි හදමු නානෙගේ පිළිමයක්!

      Delete
  10. පර පරෙයියෙක්නෙ.. තාම නානව ඇති ගඳ යන්න..

    ReplyDelete
  11. කොහොමත් ඔය හදන පිළිම අන්තිමේ අයිති කර ගන්නේ පරවියෝ තමයි..

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලම පරෙයියො ටික තුරන් කරන්න ඕනි, මොනරු වගේ.

      Delete
  12. අහෝ බේදයකි...ඉරකි තිතකි..

    --
    පවු අසරණ පරෙයිය....

    ReplyDelete
    Replies
    1. කොයි පරෙයියටත් ඔහොම වෙන දිනයක් එනවනං, නේද?

      Delete
  13. හොදම වැඩේ පරෙවියාට
    නොකරන්නට වලත්තකම්
    කල කම් පල දීලා උෟ කුජීත වෙන්නා...

    ඉස්ටෝරිය අහල ඇතත්
    මේ වගෙ රසයක් මින් පෙර
    විදලම නැතුවා..

    එළ... ලියපං දිගටම....

    ReplyDelete
    Replies
    1. ෆොටෝත් දැක්කා
      ඒ වගෙ ෆොටෝ නොදැක්කා
      ගහපං... මල්ලියෙ දිගටම....

      Delete
  14. මම තැනක දැක්ක පාරේ තියන පිළිම වලට පන අවොත් ඉස්සල්ලාම ඉල්ලන්නේ තුවක්කුවක් කියල කුරුල්ලොන්ට වෙඩි තියන්න. මෙහෙම බලනකොටනම් ඒ කතාව ඇත්ත වගේ :v

    ReplyDelete
    Replies
    1. උඹත් දැන් පිළිමෙ වගේ... ලියන්නෑ...කොමෙන්ට් නෑ.

      Delete
  15. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15333-2015-01-14-23-35-42

    ReplyDelete
    Replies
    1. නෙලුම් යායේ අපේ දුප්පත් නිර්මාණ පළකරමින් දෙන සහයෝගයට අජිත් සහෝදරයාට හද පත්ලෙන් නැගෙන මෙව්වා එක!

      Delete
    2. නිර්මාණ දුප්පත් වෙන්නේ නිර්මාණශිලිත්වය නැති වුණාම විතරයි ආච්චියෙ

      Delete
    3. ඒක සැබැයි සීයේ

      Delete
  16. ශික් විතරක් පත්තරෙකටවත් දාන්න පුළුවන් ඒකකය ලියල තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. වැඩි හරියක් එහෙමයි නේ? පත්තරවල දාන්න බැරි ඒවටත් තැනක් තියෙන එකම මදෑ අප්පා.

      Delete
  17. ලංකාවේ සිට ලින්ක් එකට ගිය හැකියි. නව රජය බ්ලොක් ඉවත් කර ඇත.
    http://madhumadhavi135.blogspot.co.uk/2015/01/blog-post_12.html

    ReplyDelete
    Replies
    1. නව රජය බ්ලොක් කල යුතු බ්ලොග් නොවෙන දේවල්ද ඇත. ඒවා තාම බ්ලොක් කර නැත.

      Delete
  18. හි හි ලින්ක් එක දුන්නම සින් ගාලා ආවේ බලන්න,, අනේ බන් උබ .

    ReplyDelete