2015-01-16

ඕව මොනවද?


රටවල් තුනකින් ඇවිත් - දොස්තරවරු තුන්දෙනෙක්
දවසක්දා හමුවීලා - කතාබහේ යෙදෙමින
තම රටවල දියුණුව - වෛද්‍ය විද්‍යාවෙන
කරන හාස්කම් පවසති - පම්පෝරිය ගසමින


එංගලන්තෙ දොස්තර - තමන් රටේ වැඩගැන
අනෙක් දෙන්න ඉදිරියේ - මෙන්න මෙහෙම කියමින

මිනිහෙක්ගේ වකුගඩු- දෙකෙන් එකක් ඉවතට
අරං දාල සත්කාරෙන් - සුවපත් කර අවසන
සති තුනකින් පසු දින - වැඩකරනා පෙර මෙන
මේ මිනිසා දෙස බලලා - සතුටු වෙන්නෙ අපි සැම

ඇමෙරිකාවෙ දොස්තර - තමන්ගෙ ලොකු වැඩ ගැන
පොර ටෝකක් දෙන්නෙ මෙලෙස - උජාරුවෙන් දොඩමින

මිනිහෙක්ගේ හදවතින් - අඩක් අරං එළියට
වෙනත් කෙනෙකු හට එය - බද්ධ කරමු  සැනෙකින
සති දෙකකින් පසු දින - දෙදෙනම වැඩ අරඹතී
මේ දෙන්නා දිහා බලා - සතුටු වෙන්නෙ අපි සැම

අප්‍රිකාවෙ රටකිනී - තුන්වෙනියා පැමිණුනේ

ඕවත් වැඩදැයි අසා - තම රට ගැන කියමිනේ

මොලේ කළඳකුත් නැතී - මිනිහෙක් තෝරා අපී
පත් කරනව අපේ රටේ - නායකයා විලසිනී
එහෙව් අපේ නායකයා - වැඩ කරනා තුරු තමා
එදා පටන් මුලු රටේ - බලාඉන්නෙ අපි සැමා





32 comments:

  1. මෙදා පොටේ නම් ඒ හැටියකට වැදුනෙ නෑ මචෝ නිර්මාණය. තුන්වෙනි කොටසට ඉක්මන් වුනා වැඩිවත්ද, නැත්නම් දේශපාලනයටම සම්බන්දව තුන්වෙනි කොටස රෝගයකට සමපාත කරල ලියවුනේ නෑ වත්දෝ.. මොකක් හරි අවුලක් තියේ බං.

    ReplyDelete
    Replies
    1. //අප්‍රිකාවෙ රටකිනී - තුන්වෙනියා පැමිණුනේ//
      හැමදේම ලංකාවට සමපාත කරගන්න එපා බං. මේක නිකං ජොලියට දැම්මෙ.

      Delete
    2. නෑ නෑ මචෝ.. ලංකාවෙ කේස් එකක් ගැන නෙවෙයි කිව්වේ. ඒක මටත් අවුලක් නෑ. බලපන් කමෙන්ට් එකේ කොහෙවත් මාත් ලංකාව ගැන කියල තියෙනවද කියලා.

      Delete
    3. මට මුලදි හිතුනේ එහෙමයි. ආ... දැන්නෙ තේරුනේ රෝගයකට සමපාත කිරීම. හික් හික්...

      Delete
  2. ඕ.................
    අප්‍රිකාව තමා ෂීන් එක.... ඕකට ලංකාවෙ කියල දැම්ම නං අපේ ඈයො සෑහෙන්ට කැමති වේවි...
    මොකද සම හරක් කැමතිම ඒවැඩේ ට නෙව

    ReplyDelete
    Replies
    1. අපේ මනෝෂයත් ඕක ලංකාවටම අදාල කරගෙන. ඇයි අප්පා, ලංකාවෙ විතරද එහෙම ඒවා වෙන්නෙ? නැද්ද මං අහන්නෙ?

      Delete
  3. සුවර්ම නේද අප්‍රිකාවේ කියල.. හැක් හැක්..

    ReplyDelete
  4. අප්‍රිකාව කියන්නේ අාසියාවේ රටක්ද??????

    ReplyDelete
    Replies
    1. හපෝයි මෙහෙමත් වැඩක්. අර ශනී මහත්තයා කියන්නෙ පල්ලෙහා

      Delete
  5. එල ද බ්‍රා
    අප්‍රිකාවට සමාන රටක් ලියන්න

    ReplyDelete
    Replies
    1. නොවේ එවන් රටක් ලොවේ

      Delete
  6. මේ කවි ටික කලබලේට නේද ලිව්වෙ?
    අප්‍රිකාව කියල ලිව්වට කවුරුත් දන්නව කොහේ ගැනද මේ කියන්නෙ කියල. (චූටි කතාවක් කෙටියෙන් කියන්නම්)
    දවසක් මිනිහෙක් අාණ්ඩුවට පට්ට පතුරු යන්න බනිනවලු, බලු ආණ්ඩුව කියල. පොලිස් කාරයෙක් මේක දැකල මිනිහව අත්අඩංගුවට ගන්න හැදුවලු. එතකොට ඒ මිනිහ කිව්වලු මං බැන්නෙ අපේ රටේ ආණ්ඩුවට නෙවෙයි වෙන රටක ආණ්ඩුවකට කියල. පොලිස් කාරයට මල පැන්නලු. යකෝ වැරැද්ද කරල බොරුත් කියන්න එනව මෙතන. නැගපිය ජීප් එකට. මෙහෙ නැතුව වෙන කොහෙද යකෝ බලු ආණ්ඩු තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. හරි හරි ශනී මහත්තයා... කළබලේටනම් නෙමේ. ඒත් අවුල තේරුනේ පස්සෙ.

      Delete
  7. මටත් හිතුනේ කවිය ටිකක් කලබලෙන් ලිව්වා කියලයි, එක්කෝ අවසන් කරන්න ඉක්මන් වුනා වැඩියි.
    කමක් නෑ අප්‍රිකාවේ ගිහින් පදිචිවෙන්න ඕන ,

    ReplyDelete
    Replies
    1. හපොයි... මහින්ද මහත්තයට වෙච්ච එකේ අනික මට වුනේ. දැන් මර්වියත් බනිනවා... :D

      Delete
    2. කවුද ඩො මර්වියා ... හුහ් ,ආචාර්ය මර්වින් කියපං, ගස් බැඳ ගන්න ආසද ? :P

      Delete
    3. එක්කො ඕන්නෑ... මංම බැඳගන්නං.

      Delete
  8. ඔය තුන්වැනි එක ගැලපෙන්නෙ අප්‍රිකාවට නොවෙයි බන්.අපිට
    හැබැයි මේ පාර නම් මොකක්දෝ මන්ද වෙනසක් වුනා.බලමු බලමු

    ReplyDelete
    Replies
    1. හැක් හැක්... තොප්පි ගැලපෙන රඟ. බලමු. බලමු.

      Delete
  9. Replies
    1. හායි දේශා... ඇහැරුණාද?

      Delete
  10. සුදු වෑන් එකක් එවන්නද?
    අඩෝ මදාවියා තෝ දැනගන්..

    ReplyDelete
    Replies
    1. ළඟම ඇති පොලීසි 5 ක ඇන්ට්‍රි දැම්මා මරණ තර්ජන කළා කියලා. ඇඩෝව්, ආයුධ පෙන්නන්න යමුදෝ...?

      Delete
  11. අදනම් හොදටම මදි.මොකද්දෝ හිස්කමක් තියනවා;උඹේ කවියෙද,මගේ මොළේද දන්නේ නෑ.
    ආයුධ පෙන්නන්න ගිහින් උඹ හන්ගපු බෝම්බෙකින් පොලීසියට ගහනවද,නැත්තම් මාන්චු පිටින් පීනල බේරෙන්න ගඟට පනිනවද?

    ReplyDelete
    Replies
    1. මිනි කවිත් යනවා බං ඉඳලා හිටලා.
      බලාපං අවුන්සයක් හොරු අරන්ද කියලා.

      Delete
  12. අප්‍රිකාවෙනේ? එහෙනම් අවුලක් නෑ..

    ReplyDelete
    Replies
    1. මටත් පස්සෙ හිතුනා අනවශ්‍ය වෙලාවකද දැම්මෙ කියලා.

      Delete
  13. අප්‍රිකාවේ රටෙන් ආවේ කියලා ශුවර් නේ..නැත්තන් සමහරු වැරදියට හිතන්න පුලුවන් :D

    ReplyDelete
    Replies
    1. උඩහ දාපු වැඩිදෙනා වැරදියටමයි අප්පා හිතල තියෙන්නෙ.

      Delete
  14. මේ මොකෝ අළුත් පෝස්ට් එක මිසිං?

    ReplyDelete