2015-01-06

අන්න මොල



උසස්වීම් නොලැබෙන තැන - කාර්යාල සේවකයෙක්
මොලේ වර්ධනය කරනා - තැනකටයි ගියේ


"මෙතෙන්දි අපි මොලේට තව - මොලකෑලිත් එකතුකරල
තියෙන මොලේ ලොකු කරනා - එකයි කරන්නේ

විඝණකවරයෙක්ගෙ මොලේ - අවුන්සයක් පන්දාහයි
දොස්තර මොල අවුන්සයක් - අටදාහක් වෙයි

ඉංජිනේරු මොල අවුන්සෙ - දහදාහක් වෙනවා ඇත
දෙස්පාලන මොල අවුන්සෙ - හැත්තැපන්දහයි"

"ඇයි අහවල් මගුලටදෝ - ඒ මොලයෙන් අවුන්සයක්
මිලදීගන්නට එතරම් මුදල් ගෙවන්නේ"

"ඔය කිව්වට දන්නවාද - අවුන්සයක් හදාගන්න
දෙස්පාලුවො කී දාහක් - ඕනිද කියලා"


47 comments:

  1. මළා......අඩේ උඹ එතකොට කියන්නේ මුන්ට කෝටි ගනන් ගෙවුවට ගෙවන්නේ උන්ගේ කඳටයි බඩටයි කියලද හිටන්.....
    ජය වේවා......

    ReplyDelete
    Replies
    1. මොකද්ද බං මේ "හිටං" කේස් එක? හැම තැනම තියෙන මඟුලක්.

      Delete
    2. උඹ එකවත් දන්නේ නැද්ද හිටං

      Delete
    3. ඉදල හිටලවත් හිතින් කුණුහරුපයක් කියල බනින්න, බලපන්කො නයිටීඑන් එක හරි සැළා හරි....

      Delete
    4. @කටුසු 7:21 AM
      ඒ ගෙවන්නෙ පස්සෙන් වැටිලා ලෙවකාගෙන ඉන්න මොල සංඛ්‍යාවට.

      Delete
    5. @මනෝෂ්,
      ඒකත් අර “හරිය“ වගේ තමා.

      Delete
    6. @ කටුසු 9:41 AM
      හිටං...

      Delete
    7. @ඉවාන්,
      කියල වැඩක් නෑ හිටං...

      Delete
    8. ඉඳං කරපුව හිටං. හිටං කරපුව දුවං.

      Delete
  2. අම්මප බොල සහකිත ඇත්ත. උඹනම් රටක් වටිනවා. නරකද මේ වගේ එව්වා පත්තර වලට එහෙම යැව්වොත්.

    ReplyDelete
    Replies
    1. මම රටක් වටිනවානං මගේ මොලේ අවුන්සයක් කොහොම වටිනවා ඇද්ද?

      Delete
    2. අන්න අගේ දන්න මිනිස්සු.

      Delete
  3. මරු යකෝ මරේ මරු...
    ඇත්තටම ඔය මොළ එකතු කොලේ කෝමද දන්නෑ නේහ්...
    සමහර විට මොළේ දිරල දිරල කුඩු මැටි වෙලා එහෙම තියෙන්නත් ඇති
    මොකෝ ඔය මඝුලො ඕක පාවිච්චි කරන එකක්යැ

    පට්ට පට පට
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. //මඝුලො// මසුරො වෙන්නැති නේ?
      ඕවා පාවිච්චි කරන කස්ටිය තමා ස්ට්‍රක්චර් එකේ උඩම ඉන්නෙ. අනික් අය ඕනිම නෑ.

      Delete
  4. ඔය කිව්වට වීරවංශ ගේ මොලේ ගැන ඔයා දන්නේ නෑනේ

    ReplyDelete
    Replies
    1. ඒවා බල ඔලු කාල දියුණු කරගත්තු මොළනෙ බං,බොලාගේ අපේ වාගෙද?

      Delete
    2. ඉවාන්ලගෙ කට්ටියනෙ කලින්. මොනව නැතත් චේ පපුවේ. ඔය කරුණගෙ සිංහල වර්ෂන් එක.

      Delete
    3. //බල ඔලු// බලන්න හැලප අයියෙ ස්පෙලින් හරිද කියල. පාපිල්ලක් අඩුයි වගේ.

      Delete
    4. අපහාස කරන්න එපා. බල කියන්නෙ මාළු වර්ගයක් මුහුදෙ ඉන්න.

      Delete
    5. ආයුබෝවන් මිස්ටර් ශනි,

      හරි හරි ඉතිං... Dogfish කියල එකෙකුත් ඉන්නවා මුහුදෙ.

      Delete
  5. අඩේ අප්පා.. වැරදිලාවත් මෙයාකරයට මස් හෙම විකුණන්න ගත්තොත්.. බලු මසුත් වටී නොවැ උන්ගෙ එව්වවට වැඩිය.. මොකෝ එකෙක් කැපුවම ගමකට ඇතිනේ.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. කොහෙන් කැපුවත් කිලෝ එකයි.

      Delete
  6. හිකි හිකි හිකිස්... හප්පා දේසපාලු මොළ ගිය උඩ හිටං

    ReplyDelete
  7. හැක් හැක්.. එළස් මදාවියා.

    ReplyDelete
  8. ඔය කියන ලෙස විඝනකවරුන්ට තමා ලොකුම මොළ තියෙන්නේ , විඝනකවරියන්ගේ මොලේ අවුන්සයක් කීයක් විතර වේවිද .

    ReplyDelete
    Replies
    1. ඒවා මිල අඩුයි. පාවිච්චිකරලම ගෙවිලා.

      Delete
    2. එයාල මොලෙත් පාවිච්චි කරනවද?

      Delete
    3. ඒකත් ඇත්ත. එක්තරා ආකාරෙක පහසුම කාර්යයක්නෙ කරන්නේ. වැරදි හොයන එක.

      Delete
  9. පට්ට කථාව ( කවිය ) .. ඒත්, මේවා ප්‍රසිද්දියේ කියන්න එපා මාධවී .. මුන්ගෙ ‍රැස්පොට් එක තව වැඩිවේවි. මොකද, ඔවුන්ගේ මොලේ ඔය තරම් වටින්නේ උන් ඒක ප්‍රයෝජනේට නොගෙනම මලොත් විතරයි කියලා තේරුම් ගන්න තරම්වත් උන් ඒක ප්‍රයෝජනේට ගන්නේ නැහැ නේ ...

    ReplyDelete
    Replies
    1. අනිද්ද මේ වෙලාව වෙනකොට අපේ ඉතුරු කට්ටියගෙ මොලේ මිල බලා ගත්තැකි.

      Delete
  10. අඩේ ඒකනම් මරු කතාව.. හොයන්න වැඩි වැඩියෙන් මහන්සි වෙනකොට ඉතින් ගාන වැඩි කරන්න එපැයි නේ

    ReplyDelete
  11. හෙහ් හෙහ්, ඒක ඇත්ත.. දුර්ලභ දේවල් ගනන් තමයි කොහොමත්..

    ReplyDelete
  12. හි.. හි.. සහතික ඇත්ත .. අදයි මේ පැත්තට ගොඩවුනේ.. දිගටම එන්නම්කෝ..

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා.
      ස්තුතියි තුශානි. ඊයේ ඔයාගෙ පෝස්ට් එක කියෙව්වා. අද තමා කමෙන්ට් කලේ. තාම යාලුවො එකතුකරන ගමන්.

      Delete
  13. classic. නියමයි නංගි. ඉතාම කාලෝචිතයි. ඉංජිනේරුවන්ගේ මොලේ ගාණ වැඩි කරට පින්. දැන් දොස්තරලා ගහගන්න එයිද දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මිල, උ/පෙළ ලකුණු වලට අනුලෝමව සමානුපාතික වේ. ඒ ගොල්ලොත් අනවශ්‍ය රෙස්පෙක්ට් එකක් බලාපොරොත්තු නොවෙනවනම්, සල්ලි වලට වඩා මනුස්සකම සලකනවනම් වටින මොල තමා.

      Delete
  14. මහා පරිමාණ දේශපාලක ෆාම් එකක් දාගත්තනම් මටත් කෝටිපතියෙක් වෙන්න පුළුවන් වෙයි නේ?
    දාහක් මරල මොළ අවුන්සයයි, මස් ටොන් දාහයි වගේ විකුණගන්න බැරියැ.

    ReplyDelete
    Replies
    1. කොහෙන් කැපුවත් කිලෝ එකයි. වැඩි මස් ටික මුදාහරිමු අභ්‍යවකාශයට.

      Delete
  15. කවදත් සුපිරි

    ReplyDelete