2015-01-03

වැස්ලින්



කොලු ගැටයෙක් තමන් ගත්ත - වටින අලුත් යතුරු පැදියෙ
මුලින් නොදුටු දොසක් දැකල - ගරාජෙට ගියා

ඉන්ධන ටැංකියෙ පැත්තක - තිබෙනා පොඩි සිදුරකි එය
වැස්ස වෙලාවට වතුරත් - ඇතුලට ඉනුවා

අද හදිසියෙ වගේ අාවෙ - කෙල්ල බලන්නට යන්නයි
අයියේ මට දැනට යමක් - කරලා දෙන්න


මිකැනික් තැන එය අහලා - ටැංකියෙ පොඩි සිදුර මතින්
වැස්ලින් පොඩ්ඩක් ගාලා - වහලා දැම්මා

පසුව මේක හදනා තුරු - වැස්ස වෙලාවට විතරක්
වැස්ලින් පොඩ්ඩක් අරගෙන - ගාල බලන්න

කොලුවා ස්තුති කරලා - කෙල්ලගෙ ගෙදරට පැද්දා
යතුරු පැදිය නවතාලා - ගෙටද ගොඩවුණා

ඒ යනවිට ගෙදර සැවොම - රෑ කෑමට වාඩිවෙලා
මව් පිය සහ දුව සමගින් - ඔහුද එක් වුණා

වෙනදා මෙන් නෑ කිසිවෙක් - වචනයකුදු කතාකලේ
මොකදෑ මේ කියලා කොලුවා විමසූවා

කෙල්ල එවිට අඟ පසඟින් - ඉඟි කරලා කිව් හැටියට
එදින ගෙදර කිසිවෙක් හට - කතාව තහනම්

සියලු පිඟන් හෝදන්නට - සිදුවන ඔට්ටුවකිය එය
මුලින් කතා කල අයටයි - වැඩේ පැවරුනේ


සැම දෙනාම බුම්මාගෙන - කෑම කාල ඉවරවුනත්
කවුරුත් නෑ කිසි වදනක් - මුවින් පිටකලේ

ලැබුණු හොඳම අවස්තාව - තම වාසිය පිනිස රැගෙන
කොලුවා කෙල්ලව උස්සන් - මුල්ලකට ගියා

එතන කුමක් සිදු වූවත් - මව්පියො නෑ ගණන්ගත්තෙ
සුපුරුදු මුනිවත රැකගෙන - බලාන උන්නා

කෙල්ලව පසෙකට කරලා - අම්මව ඇදගෙන ගෙනිහින්
දුවට කරපු දේ මේකා - එයාටත් කලා

පියා සිටියෙ පුපුර පුපුර - එනමුත් නෑ වචනයකුදු
කතාකරල සිදුවූ දේ වළකන්න ගියේ

ඔය අතරේ මහ වැස්සක් - ඇදහැලුනා එක පාරට
කොල්ල නාන කාමරයට සැනෙකින් ඇදුනා

එහි වූ බඩු අතපතගා - වැස්ලින් ටින් එකක් රැගෙන
ආපසු සාලෙට එනකොට - පියා නැගිට්ටේ



හරි හරි උඹලා දිනුම්ය - මම පරාද බව පිළිගමි
පිඟන් සියල්ලම ගෙනගොස් - මම හෝදන්නම්


39 comments:

  1. අත හේදූ නන්ස්ලාගෙ පෝළිම පැන්නා
    අන්තිමයට කලින් කෙනා කට හෝදන්නා
    හේතුව කී විගස මදර් සිහි නැතිවෙන්නා
    ඒකතාව මෙය ඇසු මට සිහියට එන්නා

    ReplyDelete
    Replies
    1. ශුද්ධවු ජලයෙන් පවුකල තැන් සෝදන්නා
      ඒක නිසා අන්තිමයා කලින්ම පැන්නා

      Delete
  2. කියල වැඩක් නෑ. නියමයි. පන යනකන් හිනා වුනා.

    ReplyDelete
    Replies
    1. මං හිතුවෙ එවරෙඩි පූසා වගේ ඇති කියලා. බැලුවම පන ගිහින්.

      Delete
  3. පට්ට බං. සුපිරි!
    අරූ වැස්ලින් එක අරගෙන එනකොට කොහොම බයවිල්ලක් බයවෙන්න ඇද්ද!

    ReplyDelete
    Replies
    1. විකල්ප මාර්ගය හීතල වෙලා යන්න ඇති නේ?

      Delete
  4. මධුවගේ අම්මප අවලං කටකි තියෙන්නේ
    මෙහම කතා ඇහුවම ඉල තුනට කැඩෙන්නේ
    තව තව මේ වගේ කතා ගොඩක් ලියන්නේ
    මේවා ලියන දෑතට ඔබේ සවිය ලැබෙන්නේ :P

    ReplyDelete
    Replies
    1. කටින් නෙමෙයි යෝදයො මෙය අතින් ලියන්නේ
      අතට වුණත් අවලංකම හිතෙනුයි එන්නේ
      ඔය කිව්වට කටත් ටිකක් අවලං වෙන්නේ
      ඒක හින්ද ඔබ කියනා දේ පිළිගන්නේ

      Delete
  5. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්................................මෙව්වා අපිටත් හරි පොරෝජන් ළමයෝ. මාත් බලන්නංකෝ වැස්ලින්...................

    ReplyDelete
    Replies
    1. @විචාරක,
      කෙල්ල බලන්න යනකොට ඇරං යන්නද?

      Delete
    2. ඉවාන්ට මොකක් හිතුනද මන්දා.

      Delete
    3. විචා මාම වැස්ලින් නෙමේ හෙයාස්ප්‍රේ ට්‍රයි කරන්න.

      Delete
    4. ඉන්දික ‍බබාට ඩොලර් පහ ගානෙ සීයගෙනුයි, ආච්චිගෙනුයි.

      Delete
  6. අද නිවාඩු දවසෙ කරන්න වැඩ කෝටියයි.වීක් එන්ඩ් එකේ නිකමටවත් බ්ලොග් පැත්තෙ යන්නෙ නෑ .ගියත් උඩින් පල්ලෙන් බලල එනව කොමෙන්ට් මොකුත් දාන්නෙ නෑ කියල හිතන් හිටියෙ.ඒත් මාධවීගෙ පෝස්ට් එකකට කොමෙන්ට් එකක් නොදානම් යන්න හිතෙන්නෙ නෑ.ඒ තරම් සුපිරියි බන්
    නිර්මානශීලීත්වයට අනුපානෙට කුණුහරප ඩිංගක් දැම්මහම පංකාදු පහයි බං
    පත අට එකට හිඳල දියන් අපි එනව පෝලිමේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ම.ම. ව්‍යංගයෙන් කියනා දේනෙ රස.
      ඔබත් ම.ම. මමත් ම.ම.

      Delete
  7. අහෝ තාත්තේ.. වෙලාවට ගෙදර ආච්චි අම්ම ඉඳල නැත්තේ.. හැක් හැක්..

    උදේ පාන්දරින් ඇවිත්- බඩ අල්ලං හිනා වෙන්න
    එන්න එන්න සැවොම එන්න- මධු 'මදාවි' කියව යන්න..

    ReplyDelete
    Replies
    1. එහෙම වුනානං ‘පමා වෙලා වැහැපන් වැහි වලාවේ‘ කියයි, කොල්ලා.

      Delete
  8. අම්මට සිරි තාත්තට මැවිලා පේන්න අැති.................

    ReplyDelete
    Replies
    1. එහෙනං අප්පට සිලි කියලා කියයි නේද?

      Delete
  9. නොමිලේ දෙන වැස්ලින් බෝතල් දහදාහෙන් එකක් ඔයත් ගෙදරටම ගෙන්වා ගන්න..
    - ශේෂාද්‍රි ප්‍රියසාද්

    ReplyDelete
  10. ඕන දෙයක කරගත්දෙන් ඔය යෝදයටමනේ දෙන්නේ
    අප්පට සිරි, මූ දැන් අම්මටත් @#%& නෙන්නේ
    එන පොට නම් හොඳ නැහැ වාගෙයි පේන්නේ
    පිඟන් හෝදනු සැපයි - නැහැ ** නම් දෙන්නේ

    ReplyDelete
    Replies
    1. කවි ටික ලස්සනයි .. හරිම වල් ( නෑ මං කිව්වේ.. ඒ කොල්ලා. )

      Delete
    2. තමුන්නැහැගෙ කවියත් ඊට දෙවනි නෑ.

      Delete
  11. උදේකියෙවුවා.තේරුනේ නෑ ඒ වෙලාවෙම.ටියුබ් ලයිට් වෙලාද කොහේද.දවල් 11.30 වගේ එකපාරටම ඔළුවට ආවා.බඩ කට්ලු.වෙලාවට හිනා යන කොට වටේට කවුරුත් හිටියේ නෑ.ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. පාන්දර හීතලට චෝක් එක ඇකිලිලා වෙන්න ඇති.
      ජයවේවා!

      Delete
  12. පව් බං තාත්තා.. කට වහගෙන හිටියා නම් හොඳ ආතල් එකක් ගන්න තිබුනා.. අපේ අප්පච්චි වැස්ලින් නැතිවම අරිනවා වගේ....

    ReplyDelete
    Replies
    1. වැස්ලින් ඕනිත් නෑ. වහින්නම ඕනිත් නෑ.

      Delete
  13. යකෝ පිගානක් හෝදන්න වෙනවට මෙහෙමත් කටවහගෙන ඉන්නවද.

    මොනා උනත් තාත්තට අන්තිම මොහොතෙනම් දෙව් ලොව පොල් පේන්න ඇති. මරු බං.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් බැක්!
      තමුන්නැහැ නැතිව කෙහෙල්කැන් ඉදි ඉදී වැටෙනවා.

      Delete
  14. වැස්ලින් එක අරං එද්දි අරූ හීතල වෙලා යන්න ඇති.දැන් නං වැස්ලින් කුප්පියක් දැක්කත් හිනායනවා මදාවියෝ.

    ReplyDelete
    Replies
    1. තැන්කුයි හැලප අයියේ! බලාගෙන, හිස්ටීරියා කියලා රොහල්ගත කරයිද දන්නෑ ගෙදර ඇත්තො.

      Delete
  15. තේරුනේ නැත...

    ReplyDelete
    Replies
    1. අපි පොඩි ලමයි, නැද්ද?

      Delete
  16. එල ද බ්‍රා..
    තාත්තට එලව පොල් පෙනෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. පොල් කිව්වට පොල් මත් නෙමෙයි මෙන්ඩා.

      Delete
  17. http://www.lotsofjokes.com/vaseline_biker.asp/
    A young man has always dreamed on owning a Harley Davidson. One day he has finally saved up enough money so he goes down to the dealer. After picking out the perfect bike the dealer warns him that if he leaves his Harley in the rain the chrome has a tendency to rust. He tells the young man an old biker's trick is to keep a jar of Vaseline handy and smear it on the chrome if the bike must be left out in the rain.

    A few months later the young man meets a woman and falls in love. She asks him to come home and meet her parents over dinner. He readily agrees and the date is set. At the appointed time he picks her up on his Harley and they ride to her parents house. Before they go in she tells him that they have a family tradition that whoever speaks first after dinner must do the dishes.

    After a delicious dinner everyone sits in silence waiting for the first person to break and get stuck doing the dishes. After a long fifteen minutes the young man decides to speed things up so he reaches over and kisses the
    woman in front of her family.

    And no one says a word...! Next he decides to take a more direct approach so he throws her on the table and has sex with her in front of everyone. And still no one says a word...!!! Now he is getting desperate, so he grabs her mother and throws her on the table. They have even wilder sex. But no one says a word...!!!!

    By now he is getting very worried and is wondering what to do next when he hears thunder in the distance. His first thought is to protect the chrome on his Harley, so he reaches in his pocket and pulls out the Vaseline. And the father says, "Okay dammit, I'll do the dishes.

    ReplyDelete
    Replies
    1. Correct. I've already revealed that these poems are based on that site.

      Madhumadhavi PoetryNovember 12, 2014 at 7:13 AM
      කතන්දර එය ලියා ඇති බව දුටුවේ දැන්ය. මෙහි එන විකට සිද්ධි පදනම් කරගන්නේ පහත අඩවියෙනි. මෙම අඩවියේ සියලුම කතා පාහේ කියවා ඇත. ඉදිරියේදී කවියෙන් කියන්නට අදහස් කරමි.
      www.lotsofjokes.com/dirty_jokes_15.asp

      Delete