2015-01-05

ලොතරැයිය





ක්ලබ් එකකින් වසරක් පාසා - ලොතරැයියක දිනුමක් ඇද්දේ
ඒක දිනන්නට හැම අවුරුද්දෙම - පොරක් ට්‍රයිකරන්නේ

කවදාවත් නෑ එය ඇදුනේ - මේකට ගුරුකම් සොයමින්නේ
දේව බැල්මකින් සාස්ත්‍ර කියනා - තැනකට ගොඩවැදුනේ


දෙවියන් තොපගේ දුක අහලා - ඉඟියක් එතනදි දෙනු ඇත්තේ
ඒකේ හැටියට අංක තෝරලා - දිනපං යැයි කියවී

ඒ වසරෙත් ක්ලබ් එකට ගියා - ඉඟියක් සොයමින් ඇවිද ගියා
බිලියඩ් මේසෙක කෙල්ලෙක් අවසන - ඉඟිය ලබාදුන්නේ

කෙල්ල හිටියෙ මේසෙට නැමිලයි - ඇඳි කෙටි වත ඉහලට එසවී
වටකුරු හැඩ මත හතේ ඉලක්කම් - දෙකක් පච්ච කොටලා

අංක හැත්තැ හත ඉල්ලන්නේ - දිනුම ඇදෙයි බල බල ඉන්නේ
කරුමෙට එදිනේ ඇදිලා තිබුණේ - හත්සිය හත අංකෙයි


44 comments:

  1. ha ha ha aaaaaa.Thank you. මේ දේශපාලන කෙහෙල්මල් නිසා depress වෙලා හිටියේ. හිනාවක් දුන්නට බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඔබේ සිනාව මගේ සතුටයි.

      Delete
    2. නිකම් මොකක්ද වෙලා ගියා ඒක ඇහුවම. බොහොම පරාර්ථකාමී කියමනක්. හේ හේ

      Delete
    3. ඉන්නතුරු හිනස්සා, මියෙන විට අඬවමු.

      Delete
  2. හප්පා ගඳේ බෑ...!! අනේ අනේ මධාවියෝ.

    උදේ පාන්දර හිනා කටයි. තැන්කූ තැන්කූ..

    ReplyDelete
    Replies
    1. හැක් ... ඒ කියන්නේ මේ පොර මනෝෂ් ද ?
      ඉඹින්න යන්නෙ නැතුව අංකෙ විතරක් බැලුවනම් ඉවරනේ ....

      Delete
    2. @මනෝෂ්,
      කොම්පීටරේ ඇතුලෙ හූණෙක් මැරිලද බලන්න.

      Delete
    3. @සඳරු,
      කියලා වැඩක් නැත.

      Delete
  3. මැද බිංදුව අමතක කරන්න එපා

    ReplyDelete
    Replies
    1. මුල බින්දු වගේ නෙමෙයි මැද බින්දු. නැද්ද?

      Delete
    2. මැද බිංදුව වැහෙනවනෙ ජං

      Delete
    3. මේ බ්ලොග් එකේ රොබෝ චෙක් එක වැඩකරන්නෙ නෑනෙ.

      Delete
  4. LOL ..!! මාධවීගේ " මදාවි " කවි ගැන කවර කථා ද ඉතින් ??
    ..............................................
    පුවතක් ..

    " හොඳම මදාවි කවි බ්ලොගය " ට හිමි සම්මානයට " මධුමාධවී " බ්ලොග් අඩවිය නිර්දේශ වී ඇත.

    ReplyDelete
    Replies
    1. හුරේ....ජයවේවා! (ජාතික නාලිකා පුවත් වගේද දන්නෑ)

      Delete
    2. මදාවි බ්ලොගය කියල සම්මානයකුත්දුන්න නම් හොඳයි තමයි. "වඩා රසවත් බ්ලොගය !"?

      Delete
    3. අනේ මට ලැජ්ජයි වගේ :D

      Delete
    4. ලැජ්ජා නමි ලියැයියැ ඔයා.

      Delete
  5. ෂුවර්ද 707 කියලා 7&7 නෙවෙයිද ? :P

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නෙ ඉතිං ඉවාන්ට පේන ඒවයෙ හැටි තමා. ;-)

      Delete
  6. පොරට මැද තියෙන බිංදුව අමතක වෙලා
    නැත්තං දැකල නැතිව
    ලොවෙත් නැති මදාවි කවි
    පට්ට් පට පට
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. දැක්කත් ඉඟිය ඇතුලෙ ඒකත් ඇති කියලා හිතන්න නැතිව ඇති. හැදුනු ලමයි එහෙම තමා.

      Delete
  7. එල ද බ්‍රා..මචං..
    චුට්ටක් ටියුබ් ලයිට් වුනා පස්සේ කෙල්ලෙක්ගේ 7යි7ගහලා බැලුවා එතකොට මිටර් වුනා..

    ReplyDelete
    Replies
    1. ඔන්න එක මහත්තයෙක් රාජකාරි කොරන හැටි...හැක්...හැක්...

      Delete
    2. රාඡකාරි පහසුකම්..ලැබිම...

      Delete
    3. පහසුකම් හා විශේෂ වරප්‍රසාද සහ (මොකද අක්කෙ ...) අපේ බොස්ගෙ වැඩ!

      Delete
    4. රාඡකාරි ආතතිය නැතිකිරිම

      Delete
    5. අන්න හරි. ලොකු ලොකු කොම්පැනිවල බොස්ලට ඉන්නවනෙ ඒකටත් ලේකම්ලා.

      Delete
  8. සුදු බින්දුව කියන ලෙඩේ හැදෙයි මේවම ලියලා....

    ReplyDelete
    Replies
    1. “සුදු බින්දුම“ නේ? වෙන දෙයක් ලියන්න කාලෙ හොඳා.

      Delete
  9. මං කල්පනාකරේ වැරදිලාවත් ඕක කොල්ලෙක්ගේ කකුල් දෙකෙ ඉස්සරහ ගහල පෙන්නුවනම් උත්තරේ මොකක් වෙයිද කියල.. 737 ද 70107 ද? හැක් හැක්.. හරි අමාරුයි අප්ප ලොතරැයියක් දිනන එකත්..

    ReplyDelete
    Replies
    1. කමියා හිතලා හිතලා ඔලුව මහන්සි කරන්න එපා කෙල්ලේට එන්න කියපන් 7 යි 7
      කකුල් දෙකේ ඉස්සරහා ගහලා බලපන්.

      Delete
    2. දෙයියො ඉඟි දෙන්නෙ කෙල්ලන් හරහා වගේ.
      මොකද කොල්ලො හරහා දෙන්න ගියොත් ඉලක්කම ඉහල යනවා.

      Delete
    3. @මෙන්ඩා,
      ඉස්සරහා නෙමේ, පස්සෙ, පස්සෙ

      Delete
    4. එහෙම ඉස්සරහ පස්ස හරව හරව හතේ හත ගහන්ඩ අපිට කොයින්ද ඉතින් මෙන්ඩට වගේ කෙල්ලෝ? හැක් හැක් .. ඒකයි මං මේ කොල්ලෙක් ගහන්ඩ.. සැක්.. වැරදුනා කොල්ලෙක්ගෙ ගහන්ඩ ට්‍රයි එකක් දුන්නේ..

      Delete
    5. බළලා පැන්න නේද මල්ලෙන් එළියට.
      "මගේ නෙමෙයි තුමනි, ඒක - කළණගේ"

      Delete
    6. හා හා.. පරණ කතා මෙතනට ඇද ගන්න තහනම් හොඳද? නැව් තට්ටුයි ඕවා මේවා ඔක්කොම ගලපල මෙවුන් දැන් මෙව්වා ඇත්තටම ගන්නවා.. හැක් හැක්..

      Delete
    7. හැමෝම අදින්නෙ පරණ කතානෙ කළණ...හැක..හැක..

      Delete
  10. නියම ඇප් එකක් ලියන්න පුළුවන්. සමහරවිට ඇති.

    ReplyDelete
    Replies
    1. කැටගරි? මගෙ අම්මෝ!

      Delete